වැසි සමය බොහෝ දෙනකු තුළ කවි සිතුවිලි පුබුදුවන බවට සැක නෑ.ඒ බව තහවුරු වන්නේ ලොව විවිධ සාහිත්‍යයන් හි වැස්ස මුල් කොට පිබිදුණු අනේක විධ කාව්‍යාත්මක පරිකල්පන සුවහස් ගණනක් දක්නට ලැබෙන නිසයි.”සෙනහසේ කැදල්ලෙන් මහ පාරට;” නම් වන මේ පද්‍ය නිර්මාණය ද වැස්ස පදනම් කරගෙන ඉතා සරල බසින් ලියැවුණු “ලුහුඬු සටහනක්” .නමුත් මෙතන දී කවියා වැස්ස ස්වභාවික ලෙසින් වගේම සංකේත ස්වරූපයෙන් දක්වා තිබීම විශේෂත්වයක්.”මගෙ කදුළු වැස්ස වී එක දිගට වෑහුනා” යන්න ඒ සඳහා වන කදිම නිදසුනක්.ඒ වගේම “කූලී ගෙයි වහලයෙන් කදුළු ඇතුලට වැටේ” යන යෙදුමින් තම නිවහන වැසි දියෙන් තෙමීම අතිශය කාව්‍යාත්මක ස්වරූපයෙන් දක්වා තිබීමත් අගය කළ යුත්තක්. නූතනයේ බිඳ වැටෙමින් පවතින මා පිය-දූ දරු සහසම්බන්ධතාව පිළිබඳව දරුවන් ලොකු මහත් කිරීමට වෙහෙස වුණු පියකු සම්බන්ධ ශෝකාලාපයක් ලෙස එක්තරා වැසි සමයක් පදනම් කර ගනිමින් අඩුම වදන් ගණනකින් වැඩිම භාවමය සංවේදනයක් පිබිදුවිය හැකි ලෙස ඉදිරිපත් කොට ඇති නිමල් සේනාසිංහ කවියා වෘත්තියෙන් රාජ්‍ය බැංකු කලමණාකරුවෙක්.”සමකාලීන සමාජමය සංසිද්ධීන් පදනම් කරගෙන සිත තුළ පිබිදෙන භාවයන් සරලව හා පහසුවෙන් ප්‍රකාශනය කිරීම සඳහා මම කවිය යොදා ගන්නවා.ඒකෙන් මට එක්තරා ආත්ම තෘප්තියකටත් වඩා මානසික සංහිඳියාවක් ලබන්න පුළුවන්’ නිමල් සේනාසිංහ කවියා කියනවා.දැන් අපි ඔහුගේ ඒ සරල කවි සිතුවිල්ල වෙත යොමු වෙමු.
සෙනහසේ කැදල්ලෙන් මහ පාරට;
වැහි වැටෙන තදියමට බස් පොලට ගොඩ උනා
අකුණු පුපුරන හඬට මම හුඟක් බය උනා
සැපයි සිතු සැමදේම දුකින් කෙලවර උනා
මගෙ කදුළු වැස්ස වී එක දිගට වෑහුනා
අපි බැඳපු මුල් දවස් අදත් සිහියට නැඟේ
කූලී ගෙයි වහලයෙන් කදුළු ඇතුලට වැටේ
ගෙදර තිබූ හැලි වලං තබාලා ඒ වටේ
කදුළු අතරින් උනත් සිනාසුන හැටි අගේ
කැකුළු මල් පුබුදන්න ගත සවිය දිය
දුක් කඳුළු පිරිමැදපු නුඹත් මට නැති උනා
රජුන් තැනුවට පස්සෙ උන්ට මං මදි උනා
සෙනෙහසෙ කැදල්ලෙන් පාරටම විසි උනා
නිමල් සේනාසිංහ