පාරිභෝගික අධිකාරිය සුදු බිත්තරයක් සඳහා රුපියල් 42කුත් රතු බිත්තරයක් සඳහා රුපියල් 44කුත් ලෙසත් ලබා දීමට තිරණය කර තිබෙන බව නීතිපතිවෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය අභියාචනාධිකරණයට අද දැනුම් දුන්නේය.
එම මිලට එකඟ විය නොහැකි බව බිත්තර නිෂ්පාදන හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා මහතා අභියාචනාධිකරණය හමුවේ දැනුම් දුන්නේය.