බිත්තර රුපියල් 22ක් වැඩි මිලට විකුණා ලක්ෂ 5ක් දඩ කයි

එවක පැවැති පාලන මිලට රුපියල් 22 ක් වැඩියෙන් බිත්තර අළෙවි කළ වෙළෙදසැල් හිමියෙකුට රුපියල් ලක්ෂ 5 ක දඩ මුදලක් ගෙවන ලෙස බලංගොඩ වැඩබලන මහේස්ත‍්‍රාත් ඒ.එම්.එස් මැණිකේ මහත්මිය නියෝග කොට තිබේ.පසුව රුපියල් 50 දක්වා මිල ඉහළ නංවන ලද මුත්පසුගිය 19 වැනිදා විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් පාරිභෝගික අධිකාරිය සුදු බිත්තරයක් අළෙවි කළ හැකි උපරිම මිල රුපියල් 43 ක් බව එවක සඳහන් කොට තිබිණ.නමුදු බලංගොඩ සමූපකාර සේවා සමිතිය මඟින් පාලනය වන කෝප් සිටි වෙළෙඳ ආයතනයක සුදු බිත්තරයක් රුපියල් 65 කට අළෙවි කරන බවට ලැබුණු තොරතුරකට අනුව උපාය දූතයෙකු යොදවා සුදු බිත්තර 4 ක් මිලට ගෙන ඇති පාරිභෝගික සේවා අධිකාරිය ඒ සඳහා රුපියල් 260 ක මුදලක් අදාළ කෝප් සිටි ආයතනයට ගෙවා තිබිණ.ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු වැඩි මිලට බිත්තර විකිණීමේ චෝදනාව පිළිගත් අදාළ ආයතනය පවත්වාගෙන ගිය හිමිකරුට මෙලෙස ලක්ෂ 5 ක දඩ නියම වී තිබේ.

කාලීන පුවත්