බිත්තරයක් 55ට දෙන්න එකඟතාවයක්

මෙම මස අවසානයේ සිට රුපියල් 55ක මිලක් යටතේ පාරිභෝගිකයන් හට බිත්තර ලබා දීමට කුකුළු නිෂ්පාදන කර්මාන්තකරුවන් එකඟතාවය පළ කළ බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සහ කුකුළු නිෂ්පාදන කර්මාන්තකරුවන් හා කුකුළුමස් නිෂ්පාදන කර්මාන්තකරුවන් ඇතුළු සංගම් කිහිපයක් සමඟ පැවති සාකච්ඡාවකින් පසු මෙම එකඟතාවයට එළැඹි බවයි කෘෂිකර්ම අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

 

කාලීන පුවත්