බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 50 දක්වා ඉහළ නැංවීමට වෙළඳ අමාත්‍යවරයා අවසර ලබාදී තිබේ.සුදු බිත්තරයක් රුපියල් 43 ක සහ රතු හෝ දුඹුරු බිත්තරයක් රුපියල් 45 ක උපරිම සිල්ලර මිල නියම කරමින් වෙළඳ අමාත්‍යාංශය ගැසට් නිවේදනයක් නිකුත් කිරීම හේතුවෙන් බිත්තර නිෂ්පාදකයන් එම ගැසට් නිවේදනය අනුව බිත්තර අලෙවි කළ නොහැකි බවට අඛණ්ඩව කළ ඉල්ලීම් සලකා බලා බිත්තරයක මිල රුපියල් 50 දක්වා වැඩි කිරීමට තීරණය කළ ද ඉක්මනින් ස්ථාවර මිලක් නියම කරන බවත් වෙළද අමාත්‍යංශ ලීම් සලකා බලා බිත්තරයක මිල රුපියල් 50 දක්වා වැඩි කිරීමට තීරණය කළ බවත් හැකි ඉක්මනින් ස්ථාවර මිලක් නියම කරන බවත් වෙළද අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.එම ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරනුයේ ඉන්දියාවෙන් බිත්තර ආනයනය කොට රුපියල් හතලිහක උපරිම මිලක් යටතේ අලෙවි කළ හැකි බවට ඇතැම් ව්‍යාපාරිකයන් පවසා ඇතත් විදේශ විනිමය ඉතිරි කර ගැනීම සේම දේශීය කුකුළු ගොවිපල ව්‍යාපාරිකයන් ආරක්ෂා කර ගැනීම පිණිස අමාත්‍යංශය එබඳු තීරණයකට එළඹී නොමැති බවකි.ගැසට් නිවේදනයක් මඟින් බිත්තරයක උපරිම සිල්ලර මිල නියම කිරීමට පෙර බිත්තරයක් රුපියල් 60ත් 70ත් අතර මිලකට අලෙවි විය.