බිත්තර ආනයනය කිරීම සඳහා රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව ලබන සදුදා (8) ටෙන්ඩර් ක්‍රියාවලිය ආරම්භ කරන බව වෙළඳ අමාත්‍යාංශය උසස් නිලධාරියකු පැවැසීය.
කොපමණ බිත්තර ප්‍රමාණයක් ආනයනය කරන්නේද, කුමන ආනයනකරු තෝරා ගන්නේද යන්න සියලුම තීරණ රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථා විසින් ගනු ලබන බවත් හැකි ඉක්මනින් එම ක්‍රියාවලිය අවසන් කරන බවත් එම නිලධාරියා කීය.