පසුගිය දිනවල රුපියල් 40ත්, 50ත් අතර මිලකට අලෙවි වූ බිත්තරයක් මේ වනවිට රුපියල් 26ත්, 28ත් යන මිල ගණන් යටතේ අලෙවි වන බව වෙළඳ පල ආරංචි මාර්ග පසසයි.ඒ සම්බන්ධයෙන් කුකුළු ගොවිපල හිමියන් ප්රකාශ කරනුයේ පසුගිය කාලයේ බිත්තර මිල ඉහළ යාමට සාපේක්ෂ කුකුළු ගොවිපල කෙරෙහි බොහෝ දෙනකුගේ උනන්දුව වර්ධනය වීම හා සත්ව ආහාර හිඟයකින් තොරව ලබා ගත හැකි වීම මේ සඳහා හේතු වූ බවකි.එමෙන්ම මේ වන විට වෙළඳ පලේ බිත්තර සුලබ වීම හා ඒ සම්බන්ධයෙන් පවත්නා තරඟකාරීත්වය හමුවේ නිෂ්පාදන වියදම පමණක් පිරිමැසෙන පරිදි අවම ලාභයක් යටතේ බිත්තර ලබා දීමට කුකුළු ගොවිපල හිමියන් කටයුතු යොදා ඇති බව ය.නමුදු මෙම මිල අඩුවීමට සාපේක්ෂව බිත්තර යොදා සකසනු ලබන ආහාර වර්ග වල සහ බේකරි නිෂ්පාදන වල මිල පහත වැටී නැත.