බිත්තර හිඟය පිටු දකින්න ඉන්දියානු බිත්තර?

බිත්තර හිඟය පිටු දකින්න ඉන්දියානු බිත්තර?රුපියල් හතලිකට වඩා අඩු සිල්ලර මිලක් යටතේ පාරිභෝගිකයන්ට ලබා දීමට ඉන්දියාවෙන් බිත්තර ආයනයනය කළ හැකි බව ව්‍යාපාරිකයන් කිහිප දෙනෙක් මේ වන විටත් පෙන්වා දී ඇතැයි වෙළඳ,වානිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි.අප රටේ කුකුළු ගොවිපල ව්‍යාපාරිකයන් සෑහීමකට පත් නොවුණ ද බිත්තර සදහා පාලන මිලක් හදුන්වා දීමෙන් නිෂ්පාදකයාට හෝ පාරිභෝගිකයාට කිසිදු අසාධාරණයක් සිදු නොවන බව ඇමති නලීන් ප්‍රනාන්දු මහතා ද කියයි. පාලන මිලක් හදුන්වාදීමට අදාල ගැසට් නිවේදනය පසුගියදා නිකුත් කරන ලදී. මෙරට සත්ව නිෂ්පාදන රටේ පරිභෝජනයට ප්‍රමාණවත් නොවන්නේ නම් ඒවා ආනයනය කිරීමට සිදුවන බව ඇමතිවරයා සඳහන් කරන අතර අඩුම වියදමකින් ජනතාවගේ පෝෂණ අවශ්‍යතා සපුරාලන බිත්තර වෙළඳ පලට නිකුත් නොවීම ජාතියේ පෝෂණ අවශ්‍යතා කෙරෙහි ද අයහපත් බලපෑමක් සිදු කරන්නක් බව සෞඛ්‍ය අංශ ද පෙන්වා දී ඇතැයි අමාත්‍යංශ ප්‍රකාශකයෙක් කීය.

කාලීන පුවත්