බුදුන් ලංකාවේ පහළ වූ කතාව ගැන ඉන්දියානුවෝ කම්පා වෙති

බුදුන් වහන්සේ ශ්‍රී ලංකාවේ උපන් බවට කණ්ඩායම් කිහිපයක් ගෙන යන අතිශය සාවද්‍ය අන්තගාමී මතවාදය සම්බන්ධයෙන් ඉන්දියානුවන් මහත් කම්පාවටත් සංවේගයත් පත් ව හිඳින බව පසුගිය 20 වන දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතාගේ ප්‍රධානත්වයෙන් නවදිල්ලියේ දී පැවැත්වුණු ප්‍රථම ගෝලීය බෞද්ධ සමුඵව එක් වූ ශ්‍රී ලාංකේය නියෝජිතයෙක් කීය.එමෙන්ම නුදුරේ දීම මෙම මතය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය සම්බන්ධයෙන් ඉන්දීය රජය රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් කරුණු විමසීමට ද බොහෝ දුරට ඉඩ කඩ ඇතැයි එම නියේජිතයා කීය.බුදුන් වහන්සේගේ ලොව පහළ වීම මුල් කොට ඉන්දියාවෙන් ලොවට දායාද වූ බුදු දහම ශතවර්ෂ ගණනාවක් තිස්සේ ලොව පුරා පැතිරුණු අන්දම අධ්‍යයනය කිරීම මෙම සමුඵවේ මූලික අරමුණ විය. එරට සංස්කෘතික අමාත්‍යංශය අන්තර්ජාතික බෞද්ධ සම්මේලනය සමග එක්ව මෙම දෙදින සමුඵවට සත්කාරකත්වය සපයන ලදී .ලොව පුරා සිටින කිර්තිමත් විද්වත්හු මහනායක ස්වාමින් වහන්සේ හා ධර්ම වෘත්තිකයන් ඇතුළු රටවල් 30 ක නියෝජිතයෝ මෙම අවස්ථාවට සහභාගී වූහ. බෞද්ධ දර්ශනය සහ චින්තනය ඇසුරින් සමකාලීන අභියෝගවලට මුහුණ දියයුතු ආකාරය පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණි.

කාලීන පුවත්