ශ්‍රී දළදා වන්දනාවට සුදුසු වාතාවරණයක් නොමැති බැවින් ඒ සඳහා මහනුවර නගරයට පැමිණීමෙන් වැළකෙන්න යැයි රට පුරා ජනතාවට දැනුම් දෙන්නැයි වැඩ බලන පොලිස්පතිවරයා විසින් පොලිස් ස්ථානාධිපතිවරුන්ට දැනුම් දී තිබේ. මෙයට හේතුව වී ඇත්තේ අධික පිරිසක් මේ සඳහා පැමිණීම සහ ඔවුන්ට ප්‍රමාණවත් තරමට පහසුකම් සැපයීමට හැකියාව නොමැති වී නිසා බව පැවසේ. මෙවර දළදා වහන්සේ ප්‍රදර්ශනය කෙරෙන්නේ වසර 16 කට පසුව වීමත් අපේක්ෂා කළ ප්‍රමාණයටත් වඩා පිරිසක් පැමිණීමත් මෙවැනි ගැටලුකාරී තත්ත්වයක් ඇතිවීමට හේතු වී තිබේ.
දළදා වහන්සේ ඇතුළු මිනිසුන්ගේ ගෞරවයට සහ වන්දනාවට පාත්රවන, අතීතයේ ජීවත් වූ විවිධ පුද්ගලයන්ගේ ශාරීරික කොටස් පොදුවේ ‘ධාතු’ (Relics) ලෙස හඳුන්වනු ලබන අතර එවැනි ධාතු ලෝකයේ විවිධ රටවල්, විවිධ සමාජයන්ගෙන්, ආගම්වලින් හමු වේ. මේවා ආගමික නායකයින්ට, සාන්තුවරුන්ට, දේශපාලන නායකයින්ට, කලාකරුවන්ට සහ ඇතැම් අවස්ථාවල දී විද්‍යාඥයින්ට පවා අයත් ඒවා බව පෙනෙන්නන්ට තිබේ. ශරීර කොටස් ලෙස මෙසේ හමු වන ධාතු ආධ්‍යාත්මික සංකේතයන් ලෙස පමණක් නොව ප්‍රබල ඓතිහාසික මානව කෘති ( Artifacts) ලෙස ද සැලකේ. ඒ බොහොමයකට ගුප්ත බලයක් ද ආරෝපණය කොට තිබේ. මේ අතර ස්වර්ගස්ථ වූ ෆ්රාන්සිස් පාප් වහන්සේ ද මෙම ධාතු වන්දනාවකට මුල පුරා ඇති බව ඔබ අසා තිබුණා ද?

ආධ්‍යාත්මික සංකේතයන් ලෙස හඳුන්වන මේ අතුරින් එකක් ලෙස පීටර් නම් අපෝස්තලුවරයා හෙවත් ධර්මදූතවරයාගේ අස්ථි කොටස් පිළිබඳ සඳහන් කළ හැකිය. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ එක් ධර්මධූතයකු මෙන්ම පළමු පාප් වහන්සේ ද වූ මෙතුමාගේ අස්ථි කොටස් වතිකානයේ තැන්පත් කොට තිබේ. මේවා 1940 දශකයේ දී සාන්ත පීතර බැසිලිකාවේ පොළොව යටින් හමු වී තිබුණේ පුරාවිද්‍යාත්මක කැනීමක් අතරතුරදීය. එහි ඇති සත්‍යාව පිළිබඳ වාදවිවාද පැවතියත් 2013 වසරේ ෆ්රාන්සිස් පාප් වහන්සේ පළමු වරට මේවා මහජනතාව සඳහා ප්‍රදර්ශනය කිරීම කටයුතු සිදු කොට තිබේ. මේවා අතර හකු අස්ථියක් සහ කලවා අස්ථියේ කොටස් පවතින අතර වතිකාන සුසාන භූමිය තුළ ඇති ගොඩනැගිල්ලක පිත්තල මංජුසාවක බහා තිබේ. භක්තිය සම්බන්ධ වැදගත්කමක් පමණක් නොව මුල් කාලීන කිතු දහම සමග ඇති සම්බන්ධතාව ද මේ තුළ ගැබ්ව තිබේ.
සාන්තුවර ෆ්රාන්සිස් ෂේවියර්ගේ දකුණු හස්තය ද මෙසේ වන්දනාවට පාත්රවන තවත් ධාතුවකි. ජේසුයිට් නිකායේ ආරම්භක සාමාජිකයකු වන මෙතුමාගේ ධාතු ඉන්දියාවේ ගෝවේ මිහිදන් කොට තිබේ. මේ සිරුර තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ බවට ද මතවක් පවතී. මෙතුමාගේ සිරුර බොම් ජීසස් බැසිලිකාවේ තැන්පත් කොට ඇති අතර එය පුදුමාකාර ලෙස අදටත් හොඳින් සුරක්ෂිත වී තිබේ. කෙසේ නමුත් දහස් ගණනක් දෙනා බව්තීස්ම කළේ යැයි සැලකෙන මෙතුමාගේ දකුණු හස්තය මේ සිරුරින් වෙන් කොට වර්ෂ 1614 දී රෝමයට යවනු ලැබූ අතර එය මේ වන විට එහි ගේසු දේවස්ථානයේ ප්‍රදර්ශනය කෙරේ. මේ හස්තයේ ආධ්‍යාත්මික බලයක් ඇතැයි විශ්වාස කරමින් වන්දනාකරුවෝ එයට වන්දනාමාන කරති. කතෝලික ලෝකයේ ඉතාමත් වැදගත් අස්ථිමය ධාතූන් අතරින් එකක් ලෙස මෙය සැලකේ.

ගැලීලියෝ ගැලිලිගේ ඇඟිල්ලක් ද ධාතු තත්ත්වයෙන් මිනිසුන්ගේ වන්දනාමානයට පාත්රවන බව ඇතැම්විට බොහෝ දෙනෙක් නොදන්නවා විය හැකිය. 1642 වසරේ දී මරණයට පත් වුණු ගැලීලියෝ යනු නූතන විද්‍යාවේ පියා ලෙස සැලකේ. ඔහුගේ සිරුර වඩාත් කැපී පෙනෙන සොහොනක් කරා මාරු කර යැවීමේ දී ඔහුට ගෞරවනීය ලෙස සලකන්නන් පිරිසක් විසින් ඔහුගේ ඇඟිලි තුනක්, දතක් සහ කශේරුකා අස්ථියක් වෙන් කර ගන්නා ලදී. ඔහුගේ දකුණු හස්තයේ මැදඟිල්ල ෆ්ලොරන්ස්හි ගැලීලියෝ කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා තිබේ. එය ඉහළට එසැවී ඇති අයුරින් තබා තිබෙන අතර ඔහු විසින් ආගම්වලට එල්ල කරන ලද අභියෝගය අදටත් එයින් සංකේතවත් වන බව බොහෝ දෙනෙක් විශ්වාස කරති. එබැවින් ඔහුගේ මේ ඇඟිල්ල විද්‍යාත්මක විප්ලවයක් ලෙස පමණක් නොව යම්කිසි ධාතුවක් ආගමික විශ්වාසයන් අභිබවා බුද්ධිමය වන්දනාවට පාත්රවන අවස්ථාවකට හොඳම නිදර්ශනයක සංකේතයක් ලෙස ද සැලකේ.
සමාජවාදී රුසියාවක් බිහි කිරීම සඳහා පුරෝගාමී වූ ව්ලැදිමීර් ලෙනින්ගේ මමිකරණයට ලක් වූ සිරුර ද බොහෝ දෙනෙකුගේ වන්දනීය ගෞරවයක් අත්පත් කර ගන්නට සමත්ව තිබේ. 1924 වසරේ සිට එය මොස්කව් රතු චතුරශ්‍රයේ මෝසෝලියම් හි වීදුරු ශව භාජනයක තැන්පත් කොට තිබේ. මෙහි ඇති විස්මය දනවන කාරණය වන්නේ මෙය සුරක්ෂිත තත්ත්වයෙන් තබා ගැනීම සඳහා විද්‍යාත්මක දැනුම කෙතරම් භාවිත කර තිබේ ද යන්නය.
සමාජවාදී රුසියාවක් බිහි කිරීම සඳහා පුරෝගාමී වූ ව්ලැදිමීර් ලෙනින්ගේ මමිකරණයට ලක් වූ සිරුර ද බොහෝ දෙනෙකුගේ වන්දනීය ගෞරවයක් අත්පත් කර ගන්නට සමත්ව තිබේ. 1924 වසරේ සිට එය මොස්කව් රතු චතුරශ්‍රයේ මෝසෝලියම් හි වීදුරු ශව භාජනයක තැන්පත් කොට තිබේ. මෙහි ඇති විස්මය දනවන කාරණය වන්නේ මෙය සුරක්ෂිත තත්ත්වයෙන් තබා ගැනීම සඳහා විද්‍යාත්මක දැනුම කෙතරම් භාවිත කර තිබේ ද යන්නය. එහි ඇති ජීවමාන බව සුරක්ෂිත කිරීම සඳහා රහස් ව්‍යවච්ඡේදක (අනටොමිස්ට්ස්) කණ්ඩායමක් විසින් විශේෂ රසායනික වර්ගයක් මේ සිරුරේ ගල්වනු ලබයි. මේ චාරිත්‍රය රාජ්‍ය අනුග්‍රහයෙන් සිදුකෙරෙන්නක් වන අතර රුසියාවට අයත් ශාරීරික ධාතුවක් සුරක්ෂිත කිරීම සඳහා දේශපාලනික, විද්‍යාත්මක සහ දෘෂ්ටිවාදය එක් වූ අවස්ථාවක් ලෙස එය සැලකේ.

ශේක්ෂ්පියර්ගේ හිස් කබල පිළිබඳ කාරණය ලෝකයේ මතවාදයන්ට ලක්වන්නකි. ඔහුගේ ශරීරය මිහිදන් කොට ඇති ස්ට්‍රැට්ෆෝර්ඩ් හි ඇති සොහොනේ මෙසේ සඳහන් කොට තිබේ. ‘මේ අස්ථී ශේෂ කරන්නාට ආශීර්වාද වේවා! මගේ අස්ථි රැගෙන යන වුන්ට සාප වේවා!’ 2016 වසරේ දී භූමිය ආවේක්ෂණය කළ හැකි රේඩාර් තාක්ෂණයක් යොදා මේ සොහොන පිරික්සීමේ දී පෙනී ගියේ ශේක්ෂ්පියර්ගේ හිස් කබල අතුරුදහන් වී ඇති බවය. 19 සියවසේ දී සොහොන් මංකොල්ලකරුවන් විසින් ශේක්ෂ්පියර්ගේ හිස් කබල සොරකම් කරන ලද බවට පළ වී තිබුණු ප්‍රවෘත්තිය සමග මේ සොයා ගැනීම සමපාත වෙයි. අදටත් ඉතිරිව පැවතියේ නම් වන්දනාමානයට පාත්‍ර විය හැකි ධාතුවක් වූ මේ හිස් කබල කාලය විසින් ලෝකයාගෙන් සඟවා ගෙන තිබේ.

ශ්‍රේෂ්ඨ විද්‍යාඥයකු වූ අයින්ස්ටයින්ගේ මොළය ද ගෞරවනීය ලෙස සැලකුම් ලබන්නක් බවට පත්ව තිබේ. 1955 දී ඔහුගේ මරණය සිදු වූ අවස්ථාවේ දී ව්යාථවේදියකු (පතොලොගිස්ට්) වූ තෝමස් ස්ටොල්ට් හාවේ විසින් මරණ පරීක්ෂණය සිදු කිරීමේදී කිසිදු අවසරයකින් තොරව අයින්ස්ටයින්ගේ මොළය වෙන් කර ගන්නා ලදී. මේ මහා ප්රාඥයාගේ රහස් හෙළි කර ගත හැකි වෙතැයි යන විශ්වාසයෙන් ඔහු එය බඳුනක තැන්පත් කොට සුරක්ෂිත කරනු ලැබිණි.

ශ්‍රේෂ්ඨ විද්‍යාඥයකු වූ අයින්ස්ටයින්ගේ මොළය ද ගෞරවනීය ලෙස සැලකුම් ලබන්නක් බවට පත්ව තිබේ. 1955 දී ඔහුගේ මරණය සිදු වූ අවස්ථාවේ දී ව්යාථවේදියකු (පතොලොගිස්ට්) වූ තෝමස් ස්ටොල්ට් හාවේ විසින් මරණ පරීක්ෂණය සිදු කිරීමේදී කිසිදු අවසරයකින් තොරව අයින්ස්ටයින්ගේ මොළය වෙන් කර ගන්නා ලදී. මේ මහා ප්රාඥයාගේ රහස් හෙළි කර ගත හැකි වෙතැයි යන විශ්වාසයෙන් ඔහු එය බඳුනක තැන්පත් කොට සුරක්ෂිත කරනු ලැබිණි. පසුව එය කොටස් සිය ගණනයකට වෙන් කොට විවිධ පර්යේෂණ සඳහා ලෝකයේ විවිධ විද්‍යාඥයින්ට යැවීමට කටයුතු කොට තිබේ. මෙහි ඇතැම් කොටස් අදටත් ඇතැම් කෞතුකාගාරවල ප්‍රදර්ශනයට තබා තිබෙන අතර ඇතැම් ඒවා තවමත් පුද්ගලික එකතු කරන්නන් සතුව තිබේ. ඇතැමුන් මේ කොටස් ළඟ තබා ගෙන සිටින්නේ ඒ තුළින් තමාට ද මහා ප්‍රඥාවක් හිමි වනු ඇතිය යන විශ්වාසයෙන් බවටත් මතයක් පවතී.

ශාරීරික හෝ භෞතික වස්තූනට වන්දනාමාන කිරීම ඉස්ලාමය තුළ දකින්නට නොලැබුණ ද සුෆි සම්ප්‍රාදය තුළ යම් පමණකින් මෙය ක්‍රියාත්මක වන පෙනෙන්නට තිබේ. අල්ලා හැර වෙනත් කිසිවක් දේවත්වයෙන් වන්දනාමාන නොකළ යුතු බවට ඔවුන් අතර පිළිගැනීමක් පැවතිය ද අනාගත වක්තෘ මොහොමඩ් ගේ ශරීරයේ කොටස් සහ එතුමාට අයත් ඇතැම් දේ අදටත් සුරක්ෂිතව තිබේ. ඉස්ලාමය තුළ ගුප්ත සම්ප්‍රදායන් අනුගමනය කරන සුෆිවරු මෙවැනි ධාතු වන්දනාමාන කිරීම සිදුකරගෙන යන බව දකින්නට ලැබේ. සුන්නි සම්ප්රදාය තුළ නොමැති වුව ද, ෂියා සම්ප්රදාය තුළ ද ධාතූන් කෙරෙහි ගෞරවනීය ලෙස සැලකීමක් දකින්නට ලැබේ. ඔවුන් ඒවා සලකන්නේ දිව්‍යමය වස්තූන් ආකාරයට වඩා දෙවියන්ට වඩාත් සමීප වස්තූන් ලෙසිනි.
මේ ආකාරයට අප දළදා වහන්සේට වන්දනාමාන කිරීම සහ ගෞරවාදරයට පත් කිරීම හා සමානවම ලෝකයේ විවිධ සමාජයන් අතර විවිධ මට්ටම්වලින් මේ ආකාරයට ශාරීරික කොටස් හෙවත් ධාතු ගෞරවාදරයට ලක් කිරීම සිදුකරගෙන යන බව පෙනෙන්නට තිබේ. ඒවා තුළින් මානසික ආශ්වාදය, භක්තිය, ආධ්‍යාත්මික බව සහ ගුප්තභාවය අපේක්ෂා කරනු දැකිය හැකිය. ඒවා තුළින් සංකේතවක් වන්නේ යම් පුද්ගලයකු මිය ගිය ද තවමත් ජීවමානව සිටිමින්, ඇතැම්විට අප අපේක්ෂා නොකරන මට්ටමකින් ලෝකය යම්කිසි හැඩගැස්වීමකට ලක් කරන්නට බලපෑම් කරමින් තිබෙන බවය.
නිරංජන් චාමින්ද කරුණාතිලක