බොරු කියන ආණ්ඩුවට ගමේ බලය ලැබෙන්නේ නෑ

ජනාධිපතිකමත් තුනෙන් දෙකේ බලයත් ලබා ගත් ආණ්ඩුව බොරු කීම හැරුණු කොට කිසිවක් කොට නොමැති බැවින් එළඹෙන මැයි 06 වැනිදාට බොරු කියූ අයට පාඩමක් ඉගැන්වීමට ගම්වල ජනතාව බලා සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක මහතා පවසයි.”තුනෙන් දෙකේ බලය අරන් කරපු මුල්ම පත්වීම. ඇයි ඉල්ලා අස්වෙන්න වුණේ. අපි බලකරලා ද? බොරු සහතික ඉදිරිපත් කරලා.ඒ වගේම එක පාර බොරුයි කියල පිළිගන්නේ නැතුව කොච්චර කල් ඒක ඇද්දද? මේක බොරුවෙන්ම හදපු ආණ්ඩුවක්. බොරු කියල ගත්ත ජනාධිපතිකමක්. ඒ නිසා ගමත් බොරු කියල ගන්න විපක්ෂයේ ඉන්න කිසිම පක්ෂයක් ඉඩ දෙන්නෙත් නැහැ. අපි ඉඩ දෙන්න හැදුවත් මේ රටේ මිනිස්සු ඔළුව තියෙන මිනිස්සු සූදානම් නැහැ තුන්වෙනි පාරත් රැවටෙන්න.”යනුවෙන් පැවසූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් වරයා ඒ අනුව ජනතාව නැවත වතාවක් සුපුරුදුදේශපාලනයම ආරම්භ කරනු ඇතැයි පැවසීය

කාලීන පුවත්