පසුගිය දිනවල ඉන්දියාවේ පවත්වන්නට යෙදුණු මහ මැතිවරණයෙන් ලද ප්‍රතිඵලවලට අනුව නරේන්ද්‍ර මෝදි පිට පිට තෙවැනි වරටත් ඉන්දියාවේ අගමැති ලෙස තේරී පත්විය. ඔහු අපේක්ෂා කළ තරම් ජනතා කැමැත්තක් ඔහු නියෝජනය කරන ‘භාරතීය ජනතා පක්ෂයට’ නොලැබුණ ද, ඔහුගේ දේශපාලන සන්ධානය ලෝක් සභාව තුළ දිනා ගත ආසන සංඛ්‍යාවට අනුව රජයක් පිහිටුවිය හැකි තත්ත්වයකට පත් විය. කෙසේ නමුත් තනි පක්ෂයක් ලෙස භාරතීය ජනතා පක්ෂයට ලැබී තිබුණු ඡන්ද ප්‍රමාණයේ අඩුවීමක් පෙන්නුම් කළ අතර පසුගිය කාලය පුරා මහත් පසුබෑමකට ලක්ව තිබූ රාහුල් ගාන්ධිගේ ප්‍රධානත්වයෙන් පවතින ඉන්දීය කොංග්‍රසය ඇතුළු වෙනත් පක්ෂවල ඡන්ද ප්‍රතිශතයෙහි සැලකිය යුතු වර්ධනයක් දකින්නට හැකි විය. කෙසේ නමුත් ඉන්දියාව වැනි බහුවාර්ගික රටක මෝදි වැනි ජාතිවාදයට බර නායකයකු තුන්වැනි වරටත් නැවත අගමැති ධූරයට තේරීපත් වීම විශේෂයෙන් සඳහන් කළ යුතු කාරණයකි. මෙයට පෙර පිට පිට වාර තුනක් අගමැති ලෙස තේරී පත්ව සිටියේ ඉන්දියාවේ මුල්ම අගමැති වූ ජවහර්ලාල් නේරු පමණි. පසුගිය කාලය මුළුල්ලේම ඉන්දියාව පාලනය කළ අගමැතිවරුන්ට වඩා මෝදි සිය රටේ උන්නතිය වෙනුවෙන් සැලකිය යුතු දායකත්වයක් ලබා දුන්නේය. ඔහු ගැන කෙටියෙන් කතා කිරීම සුදුසු වන්නේ එබැවිනි.
නරේන්ද්‍ර දෙමොදර්දාස් මෝදි උපන්නේ 1950 සැප්තැම්බර් 17 වැනිදා ඉන්දියාවේ ගුජරාතයේ හින්දු පවුලකය. ඔහුගේ කුලය වූ මෝද්-ඝන්චි ඉන්දියාව තුළ පසුගාමී එකක් විය. ඔහු පවුලේ හයවැන්නා විය.
මෝදි නිතරම පාහේ සිය පියාගේ තේ ව්‍යාපාරයට උදව්පදව් කළ අයකු විය. ඒ වාද්නගර් දුම්රිය නැවතුමෙහි ය. මෝදි සහ ඔහුගේ අස්ලවැසියන් පවසන පරිදි ඔහු දුම්රිය වේදිකාවෙහි සෑහෙන කාලයක් තේ විකිණීමෙහි නිරතව සිටියේය. ඔහු මේ කාරණය 2014 පළමු වරට අගමැතිධූරය වෙනුවෙන් තේරී පත්වන්නට පෙර සිටම මැතිවරණ වේදිකාවේ කතා කළ දෙයක් විය. නමුත් ඉන්දීය කොංග්‍රස් පක්ෂය පවසන්නේ මෙය බොරුවක් බවත්, මෝදි සාමාන්‍ය ජනතාවගේ ඡන්ද බලාපොරොත්තුවෙන් මෙවැනි කතාවක් ප්‍රචාරය කරන්නට ඇති බවය. මෝදි කිසිදා තේ විකුණා නැති බවත් ඔහු තේ සපයන කොන්ත්‍රාත්කරුවෙක් පමණක් බවත් ඔවුහු පවසති. නමුත් බහුතරයක ඉන්දියානුවන් ඔහු තේ විකුණූ කතාව බැහැර කරන්නට කැමති නැත.
මෝදිගේ ජීවිතයෙන් හමුවන වැදගත්ම කාරණයක් වන්නේ ඔහු සහ මව අතර තිබූ දැඩි බැඳීමය. ඇය 99 හැවිරිදි වියෙහි දී මෙලොව හැර ගිය ද, එය සිදුවන්නට පෙර මෝදි බ්ලොග් සටහනක මෙසේ සඳහන් කර තිබුණි.
“මගේ මව වූ හීරබා මෝදි සියවසකට ඇතුළු වෙමින් සිටින බව පවසන්නට තරම් මා වාසනාවන්තයි. මේ ඇගේ සියවැනි වසර වේවි.”
මෝදි සිය පියාට වඩා මතකය මෙනෙහි කරන්නේ මව පිළිබඳවය. ඇය සමග කාලය ගතකරන්නට ඔහුට නොහැකි වුව ද, එක් අවස්ථාවක හැරුණු විට අනෙක් සෑම අවස්ථාවකදීම පවා නාම යෝජනා භාර දෙන්නට පෙර මවගේ ආශීර්වාදය ලබා ගන්නට අමතක නොකළේය.
“මගේ අම්මා සරල වගේම අසාමාන්‍ය ගැහැනියක්. මගේ අම්මට ඇගේ අම්මා අහිමි වෙන්නේ ඉතා කුඩා වයසෙදි. ඇය මුළු ජීවිත කාලයම ගත කළේ ඇගේ අම්මගේ මුහුණේ හරි මතකයක්වත් නැතිව. ඇගේ උකුලේ උණුසුම ගැන මතකයක්වත් නැතිව. ඒත් ඇය අපට ඇගේ උකුලේ උණුසුම නොඅඩුවම ලබා දුන්නා.”
මෝදි 1967 වන විට වාද්නගර් හිදී සිය ද්විතීක අධ්‍යාපනය සම්පූර්ණ කළේය. ඔහුගේ ගුරුවරුන් පවසන්නේ ඔහු සාමාන්‍ය සිසුවකු මිසක අතිදක්ෂයකු නොව බවය. වේදිකාවට දැඩි සේ ඇලුම් කළ ඔහු නිතරම පාහේ තමන්ට වඩා උසස් සහ දැවැන්ත චරිත නිරූපණය කරන්නට කැමැත්තක් දැක්වූයේය. මේ ආකල්පය පසු කාලයේ දී ඔහුගේ දේශපාලන ව්‍යාපාරය කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කළ කාරණයක් විය.
මෝදි අවුරුදු අටේ දි ඉන්දියාවේ ජාතිවාදී හමුදාමය ව්‍යාපාරයක් වූ ‘රාෂ්ට්‍රීය ස්වයම්සේවක් සංග්’ වෙත හඳුන්වා දුන් අතර මෝදි එහි හමුදාමය පුහුණුවීම්වලට ද සහභාගී වූයේය. භාරතීය ජනතා පක්ෂයේ ගුජරාත් ශාඛාව ඇති කරන ලද්දේ මේ කාලයේය. මෝදි මෙහි හමුදා පුහුණුවීම්වලින් පසුව ජාතික ශිෂ්‍යභට බලකායට ද අනුයුක්ත වන්නට සමත් විය.
නරේන්ද්‍ර මෝදිගේ කුලයේ සිරිත් විරිත්වලට අනුව ඔහුට අවුරුදු 18 දී විවාහ වන්නට සිදුවිය. ඔහුගේ මනාලිය වූ ජෂෝදබෙන් චිමනියල්ගේ වයස අවුරුදු 17 ක් විය. කෙසේ නමුත් විවාහයෙන් පසුව වැඩි කලක් ගත වන්නට පෙර ඔහු නිවසත් බිරිඳත් හැර ගියේය. නමුත් ඔහු කිසිදා ඇගෙන් නීත්‍යනුකූලව වෙන් වූයේ නැත. නමුත් ඔහුගේ විවාහය ප්‍රසිද්ධ කාරණයක් වූයේ ද නැත. 2014 වසරේ ඔහු අගමැති බවට පත් වූ විට තමා විවාහකයෙක් බවත්, සිය බිරිඳ ජෂෝදබෙන් බවත් ප්‍රකාශ කර සිටින කුරු බහුතරයක් දෙනා ඒ බවක් දැන සිටියේ නැත.
විවාහයෙන් පසුව ඔහු වැඩි කාලයක් ගත කළේ හින්දු ආශ්‍රමවලය. ඔහු ඇතැම් අවස්ථාවල දී බෞද්ධ ආරාමවල ඇසුර ද ලැබුවේය. ස්වාමිි විවේකානන්ද ඔහු කෙරෙහි දැඩි බැලපෑමක් ඇති කළ අයකු විය. ඔහු 1970 ගණන්වලදී ගුජරාත් රාජ්‍ය ප්‍රවාහන සංස්ථාව තුළ පිහිටි සිය මාමාට අයත් ව තිබූ කැන්ටිමේ ද තේ අළෙවි කරන්නකු ලෙස රැකියාවක් කළේය. ඔහුගේ සමකාලීන මිතුරන් පවසන්නේ මෝදි පොත පත කියවන්නට මහත් කැමැත්තක් දැක් වූ බවත් සමාජය වෙනස් කළ යුතු බවට නිතරම අදහස් ප්‍රකාශ කළ බවත්ය.
1971 දී මුලින්ම දේශපාලන ක්‍රියාවකට ඔහු සම්බන්ධ විය. සත්‍යග්‍රහයක් වූ එහි දී එවකට ඉන්දීය අගමැතිනිය වූ ඉන්දිරා ගාන්ධි විසින් මෝදිව කෙටි කාලයකට බන්ධනාගාර ගත කළ බව මෝදි පවසයි. මේ කාලය පුරාම ඔහු දේශපාලන ව්‍යාපාරවලටම සම්බන්ධ වෙමින් කාලය ගත කළේය.
අධ්‍යාපනය කෙරෙහි සිත යොමු කළ ඔහු 1978 වසරේ දී දිල්ලි සරසවියෙන් දේශපාලනය සම්බන්ධව ශාස්ත්‍රවේදී උපාධිය හිමි කර ගත අතර 1983 දී ගුජරාත් සරසවියෙන් පළමු පංතියේ සාමාර්ථයක් ද සහිතව දේශපාලන විද්‍යාව සම්බන්ධව ශාස්ත්‍රපති උපාධිය ද හිමි කර ගත්තේය. කෙසේ නමුත් දේශපාලන විරුද්ධවාදීහු ඔහු මේ උපාධි ද්විත්වයම ලබා ගත් ආකාරය සැකසහිත බැව් පවසති.
1975 වසරේ සිට 1977 ඉන්දියාව පුරා හදිසි නීතිය යටතේ පාලනය කරන්නට එවකට අගමැතිනිය වූ ඉන්දිරා ගාන්ධි කටයුතු කළ අතර මෝදි සාමාජිකත්වය ලබා ගෙන සිටි ‘රාෂ්ට්‍රීය ස්වයම්සේවක් සංග්’ ඇය විසින් තහනම් කරනු ලැබිණි. එහි සාමාජිකයන් අත්අඩංගුවට ගනිවීය යන සැකය නිසා මෝදි නිතර ගමන් බිමන් ගියේ වෙස්වලාගෙනය.
හින්දු ජාතිවාදියක වුවද මෝදි ඇතැම් අවස්ථාවල දී වෙනත් රටවල මුස්ලිම් නායකයන්ව තමාට වාසිවල අන්දමට නම්මවා ගැනීමට හැකි වූ අවස්ථාවන් ද දක්නට හැකිය. එවැනි එක් සිද්ධියක් සවුදි අරාබියේ දී සිදු විය. එරට තුළ සිය පුරවැසියන් අමතා කතා කරන්නට අවසර දෙන්නේ එරට රාජ්‍ය නායකයකු පමණි. අඩුම තරමේ ලෝක බලවතා වූ ඔබාමාටවත්, සවුදි අරාබියේ සමීප හිතවතකු වූ නවාස් ෂරිෆ්ටවත් ඒ අවස්ථාව ලැබුණේ නැත. නමුත් එරට සිටින ඉන්දියානුවන් අමතා කතා කරන්නට මෝදිට එරට රජය අවසර ලබා දෙන්නට තරම් එහි නීතිය වෙනස් කරන්නට පාලකයෝ පියවර ගත්හ.
ඉන්දීය කොංග්‍රසයට අයත් නොවන, නායකයකු වූ අතල් බිහාරි වජ්පායි 1999 වසරේ දී භාරතීය ජනතා පක්ෂයෙන් අගමැති ධූරයට පත් වූ සමයේ මෝදිව ගුජ්රාත් ප්‍රාන්තයේ මහ ඇමති ධූරයට පත් කරනු ලැබිණි. ඒ 2001 වසරේදීය. මේ සමයේ එම ප්‍රාන්තයේ පැන නැගුණු මුස්ලිම් විරෝධී කැරළි මර්දනයට මෝදි ඕනෑකමින් කටයුතු නොකළ බවට චෝදනා එල්ල වූ නිසා ඔහුට එම තනතුරින් ඉවත්වන්නට සිදු වුවත්, අගමැති වජ්පායි මේ පිළිබඳ කිසිදු පරීක්ෂණයක් පවත්වන්නට උත්සාහ ගත්තේ නැත. මෙහිදී මුස්ලිම් ජාතිකයන් දහසක් පමණ මරුමුවට පත් විය. ජාතිවාදී නායකයකු ලෙස ඉන්දියාව තුළ ස්ථාපිත වන්නට මේ සිදුවීම මෝදි කෙරෙහි බෙහෙවින්ම බලපෑ බව පැවසේ.
පසුකාලීනව ඔහු යම් යම් ප්‍රාන්තවල මහඇමති ධූරය උසුලද්දී සිදු කළ විවිධ ව්‍යාපෘති තුළින් ඔහු කෙරෙන් නායකත්ව ලක්ෂණ මතුවන්නට පටන් ගැනුණි. උග්‍ර ජාතිවාදියකු වුවත් ඔහු එක් අවස්ථාවක දී මුස්ලිම් නායකයන් සමග ළඟින් ඇසුරු කරන තත්ත්වයකට පවා පත් වූ අතර භාරතීය ජනතා පක්ෂයේ නායකයාව සිටි වජ්පායි මෙය කෙරෙහි කැමැත්තක් දැක්වූයේ ද නැත. 2014 වසරේ දී ලෝක් සභා මැතිවරණයෙන් අගමැති අපේක්ෂකයා බවට මෝදි පත් කළ යුතු තත්ත්වයට ඒ වන විට මෝදි කටයුතු සිදුකොට තිබුණේය. බොහෝ අය ප්‍රකාශ කළේ මේ සඳහා මෝදි පත් නොකරන්නේ නම් තමා ඡන්දය පාවිච්චි කරන්නේ වෙනත් පක්ෂයකට බවය. කෙසේ නමුත් 2014 ආරම්භ වූ අගමැති ගමන 2024 දක්වා නොනැවතී පැමිණියේය.
ඔහු අගමැති ධූරයට පත් වුණු සමයේ සිටම හින්දු ආගමට වෙනත් ආගමිකයන් හරවා ගැනීමේ ව්‍යාපාරයක් ‘හින්දුත්වා’ නමින් ආරම්භ වූ අතර එය පසුපස මෝදි සිටින බව ප්‍රසිද්ධ රහසක් විය. මෝදිගේ ආර්ථික විද්‍යා උපාධි පිළිබඳ බොහෝ දෙනෙකු ප්‍රශ්න නැගුව ද ඔහු ඉන්දීය ආර්ථිකය වර්ධනය කරන ආකාරය අනුව ආර්ථිකය හැසිරවීම පිළිබඳ මනා දැනුමක් ඇති බව පෙනෙන්ට තිබේ.
ඉන්දියාව සඳ මතට සාර්ථකව යානයක් ගොඩ බාන්නට සමත් වූයේ මෝදියේ පාලන සමයේදීය. ඒ කෙතරම් ආගමික බැතිමතෙක් වුව ද විද්‍යාව බැහැර කරන්නට ඔහු උත්සුක වන්නේ නැත. නවීන තාක්ෂණය ඔස්සේ ඉන්දියාව ලෝක බලවතකු බවට පත් කිරීම ඔහුගේ අපේක්ෂාවයි. ඉන්දියාව කණපිට හරවන්නට හැකිවන ඡන්ද සංඛ්‍යාවක් මෙවර ලැබෙතැයි ඔහු අපේක්ෂා කළ ද ඔහුගේ ඒ බලාපොරොත්තුව බිඳ වැටී තිබේ.
හින්දු ජාතිවාදියක වුවද මෝදි ඇතැම් අවස්ථාවල දී වෙනත් රටවල මුස්ලිම් නායකයන්ව තමාට වාසිවල අන්දමට නම්මවා ගැනීමට හැකි වූ අවස්ථාවන් ද දක්නට හැකිය. එවැනි එක් සිද්ධියක් සවුදි අරාබියේ දී සිදු විය. එරට තුළ සිය පුරවැසියන් අමතා කතා කරන්නට අවසර දෙන්නේ එරට රාජ්‍ය නායකයකු පමණි. අඩුම තරමේ ලෝක බලවතා වූ ඔබාමාටවත්, සවුදි අරාබියේ සමීප හිතවතකු වූ නවාස් ෂරිෆ්ටවත් ඒ අවස්ථාව ලැබුණේ නැත. නමුත් එරට සිටින ඉන්දියානුවන් අමතා කතා කරන්නට මෝදිට එරට රජය අවසර ලබා දෙන්නට තරම් එහි නීතිය වෙනස් කරන්නට පාලකයෝ පියවර ගත්හ.
ඉන්දියාව සඳ මතට සාර්ථකව යානයක් ගොඩ බාන්නට සමත් වූයේ මෝදියේ පාලන සමයේදීය. ඒ කෙතරම් ආගමික බැතිමතෙක් වුව ද විද්‍යාව බැහැර කරන්නට ඔහු උත්සුක වන්නේ නැත. නවීන තාක්ෂණය ඔස්සේ ඉන්දියාව ලෝක බලවතකු බවට පත් කිරීම ඔහුගේ අපේක්ෂාවයි. ඉන්දියාව කණපිට හරවන්නට හැකිවන ඡන්ද සංඛ්‍යාවක් මෙවර ලැබෙතැයි ඔහු අපේක්ෂා කළ ද ඔහුගේ ඒ බලාපොරොත්තුව බිඳ වැටී තිබේ. ඔහුගේ පක්ෂයට තනිව පාලනයක් පිහිටුවන්නට ද හැකියාවක් නැත. කෙසේ නමුත් ඔහු ඉන්දියාව තුළ වෙනසක් සිදුකරනු ඇතැයි බොහෝ දෙනෙකු තුළ විශ්වාසයක් තවමත් තිබේ.
නිරංජන් චාමින්ද කරුණාතිලක