හින්දු භක්තිකයන් මහත් උත්සවශ්‍රීයෙන් සමරන්නවා වූ තෛපොංගල් උත්සවය ජනවාරි 14 වැනිදාට යෙදී තිබේ. අප බොහෝ දෙනෙක් නමින් පමණක් මේ පිළිබඳ දැන සිටියද එහි තොරතුරු හින්දු භක්තියන් නොවන්නන් බොහොමයක් නොදන්නා තරම්ය.
ශ්‍රී ලාංකික බහුතරයකට අප්‍රේල් මාසය සශ්‍රීකත්වය සමරන්නට සුවිශේෂී වනවා හා සමානවම හින්දු භක්තිකයන්ට මේ ජනවාරිය ද ඉතා වැදගත් මාසයක් ලෙස සැලකෙයි. හින්දු භක්තිකයන් අප්‍රේල් මාසයේ උදා වන සිංහල – හින්දු අලුත් අවුරුද්ද සැමරුව ද, කෘෂිකාර්මික සම්ප්‍රදායක් අනුගමනය කරමින් පැමිණි ඔවුන්ට සිය සශ්‍රීකත්වය, සෞභාග්‍යය සැමරීම සඳහා වඩාත් විශේෂිත මාසයක් බවට ජනවාරිය පත්ව ඇත්තේ තව නොබෝ දිනකින් සමරන්නට බලාපොරොත්තුවෙන් සිටින තෛංපොංගල් උත්සවය නිසාය. මේ උත්සවය තුළ කෘතඥතාව, ප්‍රජා සහ සංස්කෘතික උරුමයන් රැසක් සහිත ඉතා වැදගත් දාර්ශනික අරුතක් ගැබ්ව තිබේ. වර්තමානය වන විට සැලකිය යුතු තරම් පිරිසක් කෘෂිකර්මයෙන් ඈත්ව සිටිය ද ඔවුන්ගේ අතීත උරුමයන් සියල්ල බැඳී ඇත්තේ එහි අක්මුල් සමගය. එබැවින් මෙය ජීවිතය පවත්වා ගෙන යන්නට ශක්තිය ලබා දෙන සොබා දහමේ බලවේගයන් කෙරෙහි වූ භක්ත්‍යාදරය සමරන්නට ඔවුහු යොදා ගනිති.
තෛංපොංගල් උත්සවය සැමරනේනේ ‘තෛ’ නමින් හැඳින්වෙන් දෙමළ මාසයේ (බොහෝ විට ජනවාරි මැදට වන්නට) පළමු දිනයේ ය. එය සූර්ය දෙවියන් වෙනුවෙන් කැප කරන ලද අස්වනු නෙළීමේ මංගල්‍යයක් ලෙස පැවැත්වෙයි. එබැවින් එය සූර්ය දෙවි නමස්කාර මංගල්‍යයක් ලෙස ද හඳුන්වනු ලබයි. ‘පොංගල්’ යන්නෙහි අර්ථය වන්නේ ’උතුරා යාම’ වැනි වැන්නකි. එයින් සංකේතවත් වන්නේ සෞභාග්‍යයි. මේ උත්සවයේ ආරම්භය වසර දහස් ගණනක් අතීතයට දිව යන අතර සංගම් සාහිත්‍යය තුළ මෙය සඳහන්ව ඇත්තේ කෘෂි සමාජයක් තුළ මහත් වැදගත්කමකින් සැමරෙන උත්සවයක් ලෙසිනි.
තෛංපොංගල් උත්සවය සැමරනේනේ ‘තෛ’ නමින් හැඳින්වෙන් දෙමළ මාසයේ (බොහෝ විට ජනවාරි මැදට වන්නට) පළමු දිනයේ ය. එය සූර්ය දෙවියන් වෙනුවෙන් කැප කරන ලද අස්වනු නෙළීමේ මංගල්‍යයක් ලෙස පැවැත්වෙයි. එබැවින් එය සූර්ය දෙවි නමස්කාර මංගල්‍යයක් ලෙස ද හඳුන්වනු ලබයි. ‘පොංගල්’ යන්නෙහි අර්ථය වන්නේ ’උතුරා යාම’ වැනි වැන්නකි. එයින් සංකේතවත් වන්නේ සෞභාග්‍යයි. මේ උත්සවයේ ආරම්භය වසර දහස් ගණනක් අතීතයට දිව යන අතර සංගම් සාහිත්‍යය තුළ මෙය සඳහන්ව ඇත්තේ කෘෂි සමාජයක් තුළ මහත් වැදගත්කමකින් සැමරෙන උත්සවයක් ලෙසිනි.
තෛපොංගල් උත්සවයත් සමගම බැඳුණු තවත් උත්සවයක් තිබේ. ඒ ‘පොට්ටුපොංගල්’ ය. තෛපොංගල් දිනයට පසුදා සැමරෙන මෙය කෘෂිකාර්මික සමාජයක් තුළ ඉතා වැදගත් මෙහෙයක් සිදු කරන ගවයාට කෘතගුණ සැලකීම සඳහා පවත්වනු ලබන්නකි. වර්තමානය වන විට කෘෂිකාර්මික කටයුතු වෙනුවෙන් ගවයාගේ කාර්යභාරය සැලකිය යුත තරම් අඩු වී ඇතත්, හින්දු භක්තිකයෝ මේ උත්සවය සමරමින් චිරාත් කාලයක් තමාගේ කෘෂිකාර්මික වැඩකටයුතු උදෙසා සහාය වූ ගවයා කෙරෙහි භක්තිය පුදන්නට හුරුපුරුව සිටිති. ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවල මෙය ‘මට්ටු පොංගල්’ ලෙස ද හඳුන්වනු ලබන අතර එයින් කෘෂිකර්මයට අත්වැල සපයන්නකු ලෙස පශූ සම්පත සලකමින්, මිනිසා සහ සතුන් අතර අන්තර් සබැඳියාව, ආත්මීය බැඳීම ඉස්මතු කරමින් සමරනු ලබයි. පසුගිය වසරේ ජනවාරි මාසයේ ශ්‍රී ලංකාවේ චාරිකාවක් සිදු කළ එංගලන්තයේ ඈන් කුමරිය ද යාපනයට ගිය අවස්ථාවේ දී පොට්ටු පොංගල් උත්සව අවස්ථාවකට සහභාගී වෙමින් ගවයන්ට ආහාර ලබා දෙන අවස්ථාවක් වාර්තා වී තිබිණි.
තෛපපොංගල් උත්සවය වෙනුවෙන් හින්දු භක්තියන් අතිමහත් ලෙස සූදානම් වනු දක්නට ලැබෙයි. නිවාස සහ ගෙවතු හොඳින් පිරිසිදු කරන ඔවුහු නිවසට ඇතුළු වන දොරකඩ වර්ණ ගැන්වූ සහල් පිටි යොදා ගනිමින් කෝලම් රටාවලින් සරසති. ඔවුන් එයින් බලාපොරොත්තු වන්නේ සෞභාග්‍යයි. පවුලේ පිරිස් එකතු වී පොංගල් බත පිළියෙල කරති. පොංගල් යනු සහල්, කිරි සහ හකුරු යොදා මැටි බඳුනක පිළියෙල කරන රසවත් ආහාරයකි. බොහෝ විට හිරු එළිය පතිත වන එළිමහන් ස්ථානයක මෙය පිළියෙල කිරීම සිදු වේ. මෙය උතුරා යන අවස්ථාවේ දී ඔවුහු ‘පොංගල් පොංගල්’ යනුවෙන් මහත් සතුටින් හඬ නගති. ඔවුන් එයින් සංකේතවත් කරන්නේ සෞභාග්‍යත්වයයි.
හින්දු භක්තිකයෝ මෙසේ පිළියෙල කර ගත් පොංගල්, පලතුරු, උක් සහ නෙලා ගත් අස්වැන්නට අයත් තවත් දෑ සූර්ය දෙවියන්ට පුදති. මේ අවස්ථාවේ දී ඔවුහු මේ වෙනුවෙන් පිළියෙල වූ යාතිකා සිදු කරන අතර ඉදිරි වසර උදෙසා ඒ තුළින් ආශීර්වාද අපේක්ෂා කරයි. පවුලේ එකතුමුතුව, සැමරුම් සහ එකිනෙකා අතර වූ සුහදබව බෙදාහදා ගන්නට මේ උත්සව අවස්ථාව හින්දු භක්තියෝ යොදා ගනිති.
තෛපොංගල් සැමරුමෙන් පසුව එලැඹෙන පසු දිනය ගවයන් කෙරෙහි කෘතගුණ සලකන පොට්ටුපොංගල් පවත්වන්නට යොදා ගනියි. මෙ අවස්ථාවේ දී ගවයන් නහවා, විවිධ වර්ණයන්ගෙන් ඔවුන්ගේ සිරුරු සරසනු ලබයි. ගවයින්ගේ අං පින්තාරු කර ඔවුන්ගේ ගෙල වටා මල් මාලා දමා සීනු එල්ලීම සිදු කරයි. ඉන් පසු ඔවුන්ට පලතුරු සහ පොංගල්වලින් සමන්විත විශේෂ ආහාරයක් ලබා දෙයි. ඇතැම් ගැමි ප්‍රදේශවල මේ උත්සවයට ‘ජල්ලිකට්ටු’ නමින් අංගයක් එක් කරනු දක්නට ලැබෙන අතර එය හඳුන්වනු ලබන්නේ සාම්ප්‍රදායිකව ගවයින් හීලෑ කිරීමේ උත්සවයක් වශයෙනි. කෙසේ නමුත් මෙය සත්ත්ව හිමිකම් සම්බන්ධ ගැටලු ඇති කරන්නක් බවට දැඩි සංවාදයක් පවතින්නකි. කෙසේ නමුත් පොට්ටුපොංගල් උත්සවය කෘෂිකාර්මික කටයුතු උදෙසා ගවයා දක්වන අසීමිත සහයෝගය වෙනුවෙන් ඔවුනට කෘතගුණ දක්වන්නට යොදා ගැනෙන්නක් ලෙස සඳහන් කළ හැකිය.
පොංගල් සහ පොට්ටුපොංගල් යන උත්සවයන් දෙක තුළම කෘතඥතාව සහ අපේක්ෂාව ගැබ්වූ තේමාවක් දක්නට ලැබේ. හිරු දෙවියන්ට සහ ගවයින්ට ගෞරව කිරීම තුළින් ජීවිතයේ පැවැත්ම උදෙසා සොබා දහම කෙතරම් මහඟු සහයෝගයක් ලබා දෙන්නේ ද යන්න යළියළිත් තහවුරු කරන්නට හින්දු භක්තිකයෝ උත්සුක වෙති. මේ හා බැඳුණු සිරිත් විරිත් තුළින් ද සොබා දහම සහ පරිසරය සමග සහයෝගයෙන් ජීවත් වන්නේ කෙසේද යන්න ඉස්මතු වී පෙනෙයි.
පොංගල් සහ පොට්ටුපොංගල් යන උත්සවයන් දෙක තුළම කෘතඥතාව සහ අපේක්ෂාව ගැබ්වූ තේමාවක් දක්නට ලැබේ. හිරු දෙවියන්ට සහ ගවයින්ට ගෞරව කිරීම තුළින් ජීවිතයේ පැවැත්ම උදෙසා සොබා දහම කෙතරම් මහඟු සහයෝගයක් ලබා දෙන්නේ ද යන්න යළියළිත් තහවුරු කරන්නට හින්දු භක්තිකයෝ උත්සුක වෙති. මේ හා බැඳුණු සිරිත් විරිත් තුළින් ද සොබා දහම සහ පරිසරය සමග සහයෝගයෙන් ජීවත් වන්නේ කෙසේද යන්න ඉස්මතු වී පෙනෙයි.
අනෙක මේ උත්සව තුළින් සමාජ සහයෝගීතව ද ඇති කරයි. පවුලේ සහ අසල්වැසියන් අතර බැඳීම වසරක් පාසා තහවුරු කරන්නට මෙය ඉවහල් වෙයි. අන්‍යයන් සමග සිය අස්වනු බෙදා හදා ගැනීම තුළින් ත්‍යාගශීලී බව ඇති කරන අතර මේ සෞභාග්‍යය උදෙසා සියලු දෙනා සම්බන්ධ කර ගැනීම මෙහි දී සිදු වේ.
ආධ්‍යාත්මික මට්ටමින් ගතහොත් ජීවිතයේ ධනාත්මකභාවය සහ සශ්‍රීකත්වය වැළැඳගැනීම සඳහා හින්දු භක්තිකයන් තුළ පෙළඹවීමක් ඇති කරන උත්සවයක් ලෙස ද තෛපොංගල් සලකනු ලබයි. පොංගල් බත උතුරා යන්නට ඉඩ දෙමින් හින්දු භක්තිකයන් අපේක්ෂා කරන්නේ පැරණි දුක් කරදර පහව ගොස් වාසනාවෙන් සහ සතුටින් පිරි ඉදිරි නව වසරක උදාවකි. එමෙන්ම ඔවුන් සමග වාසය කරන සතුන් කෙරෙහි සහකම්පනයක් ඇති කරන්නට ද මේ උත්සවය හේතුවෙයි.
තෛපොංගල් සහ පොට්ටුපොංගල් යනු හුදෙක් උත්සව පමණක් නොව ජීවිතය, දරාගැනීම සහ එකමුතුකම සමරන සන්ධිස්ථානයක් ලෙස ද සැලකිය හැකිය. වර්තමානය වන විට සැලකිය යුතු තරම් පිරිසක් කෘෂිකර්මයෙන් ඈත්ව සිටිය ද සිය මූලික සාරධර්ම ආරක්ෂා කර ගනිමින් අනාගත ලෝකයට අනුවර්තනය වීමේ හැකියාව මේ සම්ප්‍රදායයන් තුළින් හිමි වන බව හින්දු භක්තිකයෝ උදක්ම විශ්වාස කරති.
නිරංජන් චාමින්ද කරුණාතිලක