කලාවැව නාමල් උයන සහ ඒ අවට ප්‍රදේශ සිය වාස භවනය කර ගෙන සිටි භරණ ඇතාට විදුලිය සැර වද්දවා මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ අධිකරණ නියෝග මත දැනට ඇප මත මුදා හැර සිටින ජයසුන්දර හේරත් මුදියන්සේලාගේ අජිත් කුමාර ජයසුන්දර (51622) නමැති සැකකාර පොලිස් කොස්තාපල්වරයාගේ සේවය වාහම ක්‍රියාත්මක වන පරිදි අත්හිටවූ බව සහකාර පොලිස් අධිකාරි නාමල් පෙරේරා මහතා පවසයි.ගල්කිරියාගම පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ කරන මෙම සැකකරු ඉකුත් 6 වන දින ගල්කිරියාගම වනජීවී කාර්යාලයට බාර වීමෙන් පසුව අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවෙ ඇපමත මුදා හරින ලදී.විදුලිය සැර වද්දවා මරා දැමුණු බවට වනජීවී පශු වෛද්‍ය ඉසුරු හේවාකෝට්ටගේ මහතා විසින් තහවුරු කළ භරණ දළ හස්තියා වයස අවුරුදු 30 ක් පමණ වන බවත් උස අඩි නවයක් පමණ වන බවත් භරණ අඩි හතරක් පමණ දිග පිරිපුන් දළ යුගළකට හිමිකම් පෑ බවත් කියනු ලැබේ.ඒ සත්වයාට මෙම බිහිසුණු අපරාධය කළවුන්ට නිසි දඬුවම් ලබා දෙන මෙන් ඉල්ලමින් අවට ප්‍රදේශ වාසීන් දේව කන්නලව් කිහිපයක් ද සිදු කොට තිබේ.