1967පමණ වාමාංශික විප්ලවවාදී පක්ෂයක් ලෙස ආරම්භ වූ ජනතා විමුක්ති පෙරමුණ රාජ්‍ය බලය ලබා ගැනීම සිදු කළ අසාර්ථක සන්නද්ධ අරගල දෙකකින් පසුව ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට එක් වී ලබාගත් ප්‍රධානතම ජයග්‍රහණය විධායක බලය මෙහෙය වන ජනාධිපති ධුරය ලබා ගැනීම ය. අනතුරුව ව්‍යවස්ථාදායකයේ වැඩි බලය සඳහා දිවයිනේ සියලුම මැතිවරණ දිස්ත්‍රික්කවලට සිය කණ්ඩායම් ඉදිරිපත් කරමින් තරඟයට පිවිස ඇති එම පක්ෂය ජනාධිපතිවරණයේ දී උතුරේ හා නැගෙනහිරින් ද තනිවම තරඟ වැදී සැලකිය යුතු ඡන්ද සංඛ්‍යාවක් ලබා ගැනීම සුවිශේෂී වෙයි. නමුත් මේ ලිපියේ අරමුණ ඒ ගැන සාකච්ඡා කිරීම නොවේ.උතුරේ බිහිවුණු සන්නද්ධ දේශපාලන ව්‍යාපාරයක් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට එක්වී උතුරෙන් හා නැගෙනහිරින් පරිබාහිරව බස්නාහිර දී ශක්තිමත් අපේක්ෂක කණ්ඩායමක් මහ මැතිවරණයට ඉදිරිපත් කිරීමට හැකි වන අන්දමට සංවිධාන ශක්තිය කරගෙන තිබීමේ අපූරු පුවත ගැන සමාලෝචනයක් කිරීම ය.දකුණේ බිහි වූ වාමාංශික විප්ලවවාදී දේශපාලන පක්ෂයක් උතුරේ හා නැගෙනහිර දී තනිවම තරඟ වැදී සැලකිය යුතු ජන ප්‍රසාදයක් අත්කරගැනීම මෙරට දේශපාලනයේ බෙහෙවින් ඉදිරිගාමී පියවරක් සේ සැලකිය යුතු සේම ඊට සමගාමීව උතුරේ බිහි වූ වාමාංශික විප්ලවවාදී ව්‍යපාරයක් සන්නද්ධ අරගලය අත හැර උතුර හා දකුණ අතර දිගු කලක් තිස්සේ පවත්නා දේශපාලන ගැටලුව ප්‍රජාතන්ත්‍රවාදීව විසඳා ගැනීම කෙරෙහි කැපවී සිය දේශපාලනය දකුණේ ද ක්‍රියාත්මක කිරීමට ගත් තීරණය ද අතිශ්‍යින්ම වැදගත් වෙයි.එහෙත්, ඒ සම්බන්ධයෙන් මාධ්‍ය මඟින් ලබා දෙන ප්‍රසිද්ධිය කෙසේ වත් ප්‍රමාණවත් නොවන බව අප ගේ වැටහීම ය.
ඊරෝස් ශිෂ්‍ය සංවිධානය නියෝජනය කරමින් ආයුධ පුහුණුව සඳහා පලස්තීනයේ අල් පාටා සංවිධානයට 1978 දී යැවූ තිදෙනාගෙන් එක් අයෙකු වූයේ දේවානන්ද ය.එය ඉතා දුලබ ගණයේ යුද පුහුණුවක් සේ සැලකෙයි.ඔහුට ඩග්ලස් නම් නම ලැබුණේ ඊරෝස් සංවිධානයෙනි. ඊරෝස් සංවිධානයේ ඇති වූ අභ්‍යන්තර මත ගැටුම් නිසා එම සංවිධානය දෙකට බෙදුනි.පද්මනාභ හා ඩග්ලස් දේවානන්ද ඇතුලු පිරිසක් ඊරෝස් සංවිධානයෙන් වෙන්වී ඊලාම් ජනතා විප්ලවවාදී විමුක්ති පෙරමුණ (ඊපීආර් එල් එෆ්)පිහිටුවා ගත් අතර පද්මනාභ එහි නායකයා ලෙස ද ඩග්ලස් දේවානන්ද එහි සන්නද්ධ අංශය වූ මහජන විමුක්ති හමුදාවේ අණදෙන්නා බවට ද පත්විය.
මේ පූර්විකාවට පදනම් වන්නේ කොළඹ දිස්ත්‍රික්කයට තරඟ වැදීමට උතුරේ බිහිවුණු ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ගත් තීරණයයි.ඊ පී ඩී පී ලෙස කෙටි නමෙන් හඳුන්වන ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රාවාදී පක්ෂයේ නිර්මාතෘ මෙන්ම වත්මන් නායකයා වන්නේ ද යාපනයේ ඩග්ලස් දේවානනන්ද ය.ඩග්ලස් දේවානන්ද යනු 1970 දශකයේ මුල සිට ඇරඹි උතුරේ සන්නද්ධ දේශපාලනයේ ප්‍රමුඛ පෙලේ නායකයෙකු ව සිටි අයෙකි.1957නොවැම්බර් 10වන දින යාපනයේ මානිපායිහි සුබ්‍රමානියම් කදිරවේළු හා මහේශ්වරී යන යුවලගේ දෙවැනි දරුවා ලෙස උපන් දේවානන්දට වයස අවුරුදු හය වෙද්දී සිය මව අහිමි විය. යපනය මධ්‍ය මහ විද්‍යාලයේ ගුරුවරියක ලෙස සේවය කළ දේවානන්දගේ මව අහිමිවීම කුඩා දේවානන්දට සිදුවූ මුල්ම බරපතල පාඩුව විය.ඔහු ගේ පියාවූ කදිරවේළු ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රබල සාමාජිකයෙකු වූ අතර රජයේ ලිපිකරු සේවා සංගමයේ “රෙඩ් පවර්” නම් ප්‍රකාශනයේ සංස්කාරක ද විය.ඩග්ලස් දේවානනන්දට කුඩා කල රැකවරණය හා භාරකාරත්වය සැලසූ මවගේ සහෝදරයා කේ සී නිත්‍යානන්දන් ද කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රබලයෙකු වූ අතර රජයේ ලිපිකරු සේවා සංගමයේ සභාපති ධුරය ද හෙබවූ වෘත්තීය සමිති නායකයෙකි. මෙයින් පැහැදිලි වෙන්නේ දේවානන්දගේ ජානගත උරුමය වූයේ වාමාංශික දේශපාලනය බවයි. සිය මව අභාවයට පත් වන තුරු සේවය කළ යාපනය මධ්‍ය මහා විද්‍යලයේ ශිෂ්‍යයෙකු වූ දේවානන්ද ඇතුළු උතුරේ තරුණයින් කාටත් දේශපාලනිකව ලද ප්‍රබලම ප්‍රහාරය වුණේ 1970 පාලන සමයේ හඳුන්වා දුන් සරසවි පිවිසුම් ප්‍රමිතිකරණයයි. ස්වකීය දක්ෂතා මත විභාග සමත් වුණත් විශ්ව විද්‍යලවලට ඇතුලුවීමට ඇති ඉඩකඩ සීමා වීමෙන් පීඩාවට පත් උතුරේ තරුණ සිසුන් මෙන්ම දේවානන්ද ද “මතවෙයි පරවර්” නම් ශිෂ්‍ය සංවිධානයට බැඳෙන්නේ 1973දී ය. ස්වකීය මාමා වූ නිත්‍යානන්දන් සමග කොළඹට එන දේවානන්ද ඊලාම් පොදු ශිෂ්‍ය සංගමය (ජීයූඊඑස්)කොළඹ ශාඛාව සංවිධානය කර උතුර හා සම්බන්ධිකරණය කළේ ය.අනතුරුව ඊලාම් විප්ලවකාරී ශිෂ්‍ය සංවිධානය නැත්නම් (ඊරෝස්) සංවිධානය පිහිටුවීමෙන් පසු ඔහු එහි සාමාජිකයෙක් විය.ඊරෝස් ශිෂ්‍ය සංවිධානය නියෝජනය කරමින් ආයුධ පුහුණුව සඳහා පලස්තීනයේ අල් පාටා සංවිධානයට 1978 දී යැවූ තිදෙනාගෙන් එක් අයෙකු වූයේ දේවානන්ද ය.එය ඉතා දුලබ ගණයේ යුද පුහුණුවක් සේ සැලකෙයි.ඔහුට ඩග්ලස් නම් නම ලැබුණේ ඊරෝස් සංවිධානයෙනි. ඊරෝස් සංවිධානයේ ඇති වූ අභ්‍යන්තර මත ගැටුම් නිසා එම සංවිධානය දෙකට බෙදුනි.පද්මනාභ හා ඩග්ලස් දේවානන්ද ඇතුලු පිරිසක් ඊරෝස් සංවිධානයෙන් වෙන්වී ඊලාම් ජනතා විප්ලවවාදී විමුක්ති පෙරමුණ (ඊපීආර් එල් එෆ්)පිහිටුවා ගත් අතර පද්මනාභ එහි නායකයා ලෙස ද ඩග්ලස් දේවානන්ද එහි සන්නද්ධ අංශය වූ මහජන විමුක්ති හමුදාවේ අණදෙන්නා බවට ද පත්විය.1980 වකවානුවේදී ඩග්ලස් දේවානන්ද ත්‍රස්‍තවාදය වැලැක්වීමේ පණත යටතේ අත් අඩංගුවට ගෙන වැලිකඩ බන්ධනාගාරයේ රඳවා තබන ලදී.
1983 කළු ජුලිය නම් වූ ජාතිවාදී සංහාරයේදී රජය භාරයේ බන්ධනාගාරයේ රඳවා සිටි දෙමළ සැකකරුවන් පනස් තුන් දෙනෙකු ඝාතනය වූ අතර දිවි ගලවාගත් දෙමළ ජාතික සුළු පිරිසට ඩග්ලස් ද ඇතුලත් විය.අනතුරුව මඩකලපුව බන්ධනාගාරයට මාරුකල ඩග්ලස් ඇතුලු සැකකරුවන් සියලු දෙනාම ඒ බන්ධනාගාරයෙන් පලාගොස් ඉන්දියාවට පැන ගැනීමට සමත් වූහ.1984දී ඊ පීආර් එල් එෆ් සංවිධානයේ සාමාජිකයින් පිරිසකට නායකත්වය දෙමින් යළිත් පලස්තීනයේ යුධ පුහුණුව ලැබූ ඩග්ලස් අනතුරුව මෙරටට පැමිණ ඊ පී ආර් එල් එෆ් මහජන විමුක්ති හමුදාවට යලි අණදීමට පටන් ගත්තේය.මේ අතර ඊ පීආර් එල් එෆ් සංවිධානයේ අභ්‍යන්තර ගැටුම් ඇති වූ නිසා දේශපාලන මණ්ඩලය රැස්කර ඒවා විසඳා ගැනීමට ඉන්දියවට මුහුදු මගින් ගිය ඩග්ලස් ඇතුලු පිරිසෙන් බෝට්ටුව අනතුරට ලක් වී හත්දෙනෙකු මියගියත් දිවි රැක ගැනීමට ඩග්ලස් සමත් විය. කෙසේ නමුත් සංවිධානය දෙකඩ වීම වලක්වා ගත නොහැකි විය. මුලින්ම ඩග්ලස් පිල හා නාභා පිල ලෙස දෙකට බෙදුණු සංවිධානයේ ඩග්ලස් පිල ඊ පී ඩී පී පක්ෂය ලෙස ස්ථිරව වෙන් විය.
1987දී ඉන්දු ලංකා ගිවිසුමට පක්ෂව උතුරු නැගෙනහිර ජනතාවගේ ගැටලු පලාත් සභා ක්‍රමය මගින් විසඳා ගැනීමට එකඟව දකුණේ පාලනය සමග ප්‍රජාතන්ත්‍රවාදීව ක්‍රියාකිරීමේ තීරණයට ඩග්ලස් එලඹුණේ ඔහුගේ මාමා වූ නිත්‍යානන්දන්ගේ ආභාෂය ඔහු සතුවූ බැවිනි.ඒ අනුව සිය සහෝදරයා වූ ප්‍රේමානන්දන් හා සගයින් මෙරටට එවා ආයුධ භාරදී ප්‍රජාතන්ත්‍රාවාදී ප්‍රවාහයට එක් කලත් එල්ටීටී ඊ ය ඔවුන් පැහැර ගෙනගොස් අතුරුදන් කළේ ය. අවසානයේ 1990 දී මෙරටට එන ඩග්ලස් කොළඹ වාසය කරමින් සිය දේශපාලන කටයුතු ආරම්භ කළේ ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ලෙසය.සිය පක්ෂය මෙරට මැතිවරණ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර දේශපාලන කටයුතු කරන අතර ඔහු උතුරේ එල්ටීටී ඊ යට එරෙහි හමුදා මෙහෙයුම් සඳහා ද සිය සහය ලබාදුන්නේය.
රණසිංහ ප්‍රේමදාස ජනාධිපති වරයාගේ අනුග්‍රහය සහිතව කොළඹ කේන්ද්‍රගතව දේශපාලන කටයුතු කළ ඩග්ලස් සමග ආරම්භයේ සිටම සහායට සිටි සිංහල සගයෙකු වූයේ නෙල්සන් සුසිල් එදිරිසිංහයි .ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රමුඛ ක්‍රියාකාරිකයකුව සිටි ඔහු වාමාංශික කඳවුරේ දේශපාලන ව්‍යාපාරවල ප්‍රබල ක්‍රියාකාරිකයෙකු විය. ඉන්දු ලංකා ගිවිසුම අනුව පිහිටවූ උතුරු නැගෙනහිර පලාත් සභාවේ ක්‍රියාකාරිත්වයට සහය වීමට නැගෙනහිර ට ගිය ඔහු වර්ධරාජා පෙරුමාල් මහ ඇමතිවරයා ගේ පාලනයේ කර්මන්‍ත අමාත්‍යංශයේ අබු යූසුෆ් පලාත් අමාත්‍යවරයාට සහය වෙමින් ක්‍රියාත්මක විය. පලාත් සභාව බලයෙන් විසුරුවා හැරීමෙන් පසු ආරක්ෂාව සඳහා අම්පාර කච්චේරියට අනුයුක්ත වූ නෙල්සන් එහිදී ද අඛණ්ඩව එල්ල වූ එල්ටීටී ඊ තර්ජන නිසා කොළඹට විත් ඩග්ලස් හා එක්විය.
එජාප රජයක් පිහිටුවීමට ගාමිණී දිසානායක ඩග්ලස් කණ්ඩායමේ සහය ඉල්ලා සිටියත් එය ප්‍රතික්ෂේප කල ඩග්ලස් චන්ද්‍රිකා කුමාරතුංගට සහය දුන්නේ කොන්දේසි විරහිතව ය.එදා ඔහුට ලබා ගත හැකිව තුබූ අමාත්‍ය පදවියක් හෝ භාර නොගෙන රජයට සහය දුන් ඔහු මුල් වරට අමාත්‍ය ධුරයක් භාරගත්තේ 2000 මහ මැතිවරණයෙන් උතුරෙන් යළි මන්ත්‍රීධුර පහක් සමග පත්වීමෙන් පසුව ය.2000වසරේ සිට ජාතික මට්ටමේ කැබිනට් අමාත්‍ය ධුර දැරූ ඩග්ලස්ට එරෙහිව වංචා දූෂණ චෝදනා ඉදිරිපත් වුණේ නැත ඔහු සිංහල දෙමළ මුස්ලිම් කියා භේදයකින් තොරව අමාත්‍යංශවල කටයුතු කළ බව ඒ අමාත්‍යංශ සේවකයෝ පවසති.
1994 වර්ෂයේ මුල්වරට මහ මැතිවරණයට යාපනය දිස්ත්‍රිකයෙන් තරඟ කළ ඩග්ලස් එල්ටීටී ඊය පැතිර වූ මහා භිෂණය මධ්‍යයේ තරඟ කර මන්ත්‍රීවරුන් නවයක් සමඟ පාර්ලිමේන්තුවට පත්විය.ඒ මැතිවරණයේ එජාප රජයක් පිහිටුවීමට ගාමිණී දිසානායක ඩග්ලස් කණ්ඩායමේ සහය ඉල්ලා සිටියත් එය ප්‍රතික්ෂේප කල ඩග්ලස් චන්ද්‍රිකා කුමාරතුංගට සහය දුන්නේ කොන්දේසි විරහිතව ය.එදා ඔහුට ලබා ගත හැකිව තුබූ අමාත්‍ය පදවියක් හෝ භාර නොගෙන රජයට සහය දුන් ඔහු මුල් වරට අමාත්‍ය ධුරයක් භාරගත්තේ 2000 මහ මැතිවරණයෙන් උතුරෙන් යළි මන්ත්‍රීධුර පහක් සමග පත්වීමෙන් පසුව ය.2000වසරේ සිට ජාතික මට්ටමේ කැබිනට් අමාත්‍ය ධුර දැරූ ඩග්ලස්ට එරෙහිව වංචා දූෂණ චෝදනා ඉදිරිපත් වුණේ නැත ඔහු සිංහල දෙමළ මුස්ලිම් කියා භේදයකින් තොරව අමාත්‍යංශවල කටයුතු කළ බව ඒ අමාත්‍යංශ සේවකයෝ පවසති.. ඒ අමාත්‍යංශවල නිලධාරීන් ලෙස පත්වන අය ගැන ඔහු කංකෙඳිරි ගෑවේ නැත.ඔවුන් සමඟ සුහදව වැඩ කළේය.ඔහුගේ අමාත්‍යංශයකින් කිසිම ජන කොටසකට අයුක්තියක් අසාධාරණයක් වූ බවට චෝදනාද ඇසුණේ නැත.පොදු විශ්වාසය වූයේ ඔහු හොඳ අමාත්‍යවරයෙක් බව ය.
එල්ටී ටී ඊ සංවිධානය වැඩිම ස්වයංඝාතක බෝම්බකරුවන් වෙන් කර තිබුණේ ඩග්ලස් දේවානන්ද ඝාතනයට ය.කොළඹ ඔහුගේ අමාත්‍යංශ කාර්යාලය තුළදී ඔහුගේ කාමරය ආසන්නයේ දී මරාගෙන මැරෙන බෝම්බකාරියක් ශරීරයේ බැඳ තිබූ බෝම්බය පුපුරුවා ගත්තේ ඉන්පසුව එතනින් නික්ම යන ඩග්ලස්ව මහ මගදී ඝාතනය කිරීමට තවත් ස්වයං ඝාතක බෝම්බ කරුවෙකුට අවස්ථාව සැලසීමට ය.ඩග්ලස්ගේ තීක්ෂණ ඥාණයට මේ සැලැස්ම ඉව වැටීම නිසා ඔහු ඒ අවස්තාවේ අමාත්‍යංශයෙන් ඉවත් වුණේ නැත. තව අවස්ථාවක ඔහුගේ අමාත්‍යංශයට බෝම්බය බැඳගෙන ආ කළු කොටි කාන්තාවක් ඔහු හමුවීම අවශ්‍ය බව පවසද්දී යම් සැකයක් ඇතිවුණු ඩග්ලස් ඒ කාන්තාව උපක්‍රමශීලී ලෙස ගොඩනැගිල්ලෙන් පිට කර පොලිසිය භාරයට පත්කළ පසු ඇය බෝම්බය පුපුරුවා ගත්තා ය.
එදා මෙදා තුර අඛණ්ඩව එල් ටී ටී ඊ විරෝධී උතුරේ දේශපාලනයේ යෙදුණු එකම නායකයා වූයේ ඩග්ලස් දේවානන්ද ය.ඔහු කෙමෙන් කෙමෙන් උතුරේ ස්ථාවර දේශපාලන ශක්තියක් ගොඩ නඟා ගත්තේ උතුරේ දේශපාලනයේ උඩුගං බලා යමිනි.එය ලෙහෙසි හෝ සුව පහසු මඟක් වූයේ නැත එල්ටී ටී ඊ සංවිධානය වැඩිම ස්වයංඝාතක බෝම්බකරුවන් වෙන් කර තිබුණේ ඩග්ලස් දේවානන්ද ඝාතනයට ය.කොළඹ ඔහුගේ අමාත්‍යංශ කාර්යාලය තුළදී ඔහුගේ කාමරය ආසන්නයේ දී මරාගෙන මැරෙන බෝම්බකාරියක් ශරීරයේ බැඳ තිබූ බෝම්බය පුපුරුවා ගත්තේ ඉන්පසුව එතනින් නික්ම යන ඩග්ලස්ව මහ මගදී ඝාතනය කිරීමට තවත් ස්වයං ඝාතක බෝම්බ කරුවෙකුට අවස්ථාව සැලසීමට ය.ඩග්ලස්ගේ තීක්ෂණ ඥාණයට මේ සැලැස්ම ඉව වැටීම නිසා ඔහු ඒ අවස්තාවේ අමාත්‍යංශයෙන් ඉවත් වුණේ නැත. තව අවස්ථාවක ඔහුගේ අමාත්‍යංශයට බෝම්බය බැඳගෙන ආ කළු කොටි කාන්තාවක් ඔහු හමුවීම අවශ්‍ය බව පවසද්දී යම් සැකයක් ඇතිවුණු ඩග්ලස් ඒ කාන්තාව උපක්‍රමශීලී ලෙස ගොඩනැගිල්ලෙන් පිට කර පොලිසිය භාරයට පත්කළ පසු ඇය බෝම්බය පුපුරුවා ගත්තා ය.තව වරක් කොළඹ ඔහු රැඳී සිටි ස්ථානය ආක්‍රමණය කළ එල්ටීටී ඊ කලු කොටි කණ්ඩායමට එරෙහිව සටන් කරමින් උපක්‍රමශිලී ලෙස ආරක්ෂා වීමට ඔහු සමත් විය.කලුතර බන්ධනාගාරයේ උපවාස කරමින් සිටි එල්ටීටී ඊ සැකකරුවන් හා සාකච්ඡාවට ගිය අවස්ථාවකදී මරණීය තුවාල සිදු කළත් ඉනුත් දිවිබේර ගැනීමට ඩග්ලස් සමත්විය.තමා ඝාතනය කිරීමට ප්‍රභාකරන් හා පොට්ටු අම්මාන් දැරූ සියලුම උත්සාහයන් පරා ජය කිරීමට ද ඔහු සමත්විය.ඔහු හැම මොහොතකම තීක්ෂණ කල්පනාවෙන් සිටි අයෙකි. එමෙන්ම අවි.ආයුධ පරිහරණයේ මනා නිපුණත්වයකින් යුතු වූවෙකි.අසුරු සැනකින් දෑතින් පිස්තෝල දෙකක් ගෙන ඉලක්කයට වෙඩි තැබීමේ අතිදුර්ලභ හැකියාව ඩග්ලස් දේවානන්ද සතු ය. එමෙන්ම ඔහු නිර්භීත.අධිෂ්ඨානශීලි පුද්ගලයෙකි.එසේම හැම මොහොතකම දැඩි විනයකින් යුතුව හැසිරුණු නිහතමානී පුද්ගලයෙකි.එල් ටී ටී ඊ ය තමා ඝාතනයට යොදන උපක්‍රම අසර්ථක වීම ඔහු විග්‍රහ කරන්නේ “එක් නයෙකුගේ පාද දැකිය හැක්කේ තවත් නයෙකුට පමණි “යනුවෙන් කියවෙන දමිල උපහැරණයකිනි.මේ සියලු ඝාතන ප්‍රයත්න මැද උතුරේ නැගෙනහිර ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය වෙනුවෙන් සියලු මැතිවරණ තරඟ කර එල්ටීටී ඊ කුරිරු මතවාදයන්ට එරෙහි එකම දෙමළ ජන බලවේගය ගොඩ නැගීමට ඩග්ලස් සමත් විය.
මෙවර ඊපීඩී පී පක්ෂයෙන් කොළඹට තරඟ වදින ග්‍රෑන්ඩ්පාස් ශ්‍රී සුදර්ශනාරාමාධිපති කිරිඉබ්බන් ආරේ විජිත හිමියන් හා රත්මලාන කොතලාවල පුර සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ උඩවලවේ ජිනරතන හිමියන් යන දෙනමම උපාධිධාරී ගුරුවරු වෙති.උන්වහන්සේලා මේ මැතිවරණයට ඊපීඩීපී පක්ෂයෙන් තරඟ වදින්නේ උතුර හා දකුණු ජනතාව අතර සංහිඳියාව ගොඩ නැගීමේ අරමුණෙනි.උතුරේ දේශපාලන පක්ෂයක නායකයෙකු ගේ නායකත්වයෙන් මහ මැතිවරණයක් තරඟ කරන ප්‍රථම බෞද්ධ භික්ෂූන් වහන්සේලා වීමත් රටේ ජන කොටස් අතර සංහිඳියාව ගොඩ නැගීම වෙනුවෙන් මහ මැතිවරණයට ඉදිරිපත්වන ප්‍රථම භික්ෂූන් වහන්සේලා දෙනම වීමෙනුත් උන්වහන්සේලා දැනටමත් වාර්තාවක් පිහිටුවා ඇත.
මෙවර ඔහු දකුණේ;කොළඹ දිස්ත්‍රික්කයට ඊපීඩීපී පක්ෂයෙන් තරඟ කිරීමට ගත් තීරණය දකුණේ ජනතාව සමග ප්‍රජාතන්ත්‍රවාදී බැඳීම ශක්තිමත් කිරීමට ගත් තීරණයකි.මෙතෙක් උතුරේ අයිතිය වෙනුවෙන් පාලකයින් සමග සහයෝගයෙන් ක්‍රියා කරමින් ප්‍රජාතන්ත්‍රවාදය තුළ සිය ජනතාවගේ ගැටලු විසඳා ගැනීමට උත්සාහ ගත් ඩග්ලස් එය තවදුරටත් ව්‍යාප්ත කරමින් දකුණේ ජනතාව සමග ද ඒකාබද්ධ වීමේ ආරම්භය මෙම තීරණයෙන් පැහැදිලි වේ.
ඩග්ලස් දේවානන්ද නම් නිර්භීත අධිෂ්ඨානශීලී උතුරේ නායකයාගේ මේ තීරණය අගයමින් කොළඹ දිස්ත්‍රික්කයේ සිංහල දෙමල මුස්ලිම් ජනතාව ඔහුගේ පක්ෂයෙන් තරඟ වැදීමට ඒකරාශීවීම අපූරු සිදුවීමකි.විශේෂයෙන් බෞද්ධ භික්ෂූන් වහන්සේලා දෙනමක් ඊපීඩීපී පක්ෂයේ වීණාව ලකුණින් මහ මැතිවරණයේ කොළඹ දිස්ත්‍රික්කයට තරඟ කිරීමට ඉදිරිපත් වීම සුවිශේෂි සිදුවීමකි. බද්දේගම සමිත හිමියන් හැරුණු විට මෙතෙක් පාර්ලිමේන්තුවට තරඟ කළ සෑම භික්ෂූන් වහන්සේ නමකගේම අරමුණ වූයේ සිංහලයාගේ හා බෞද්ධයාගේ අයිතිවාසිකම වෙනුවෙන් පෙනී සිටීමටයි.බද්දේගම සමිත ගිමියන් පෙනී සිටියේ වාමාංශික පාලනයක් වෙනුවෙනි.මෙවර ඊපීඩී පී පක්ෂයෙන් කොළඹට තරඟ වදින ග්‍රෑන්ඩ්පාස් ශ්‍රී සුදර්ශනාරාමාධිපති කිරිඉබ්බන් ආරේ විජිත හිමියන් හා රත්මලාන කොතලාවල පුර සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ උඩවලවේ ජිනරතන හිමියන් යන දෙනමම උපාධිධාරී ගුරුවරු වෙති.උන්වහන්සේලා මේ මැතිවරණයට ඊපීඩීපී පක්ෂයෙන් තරඟ වදින්නේ උතුර හා දකුණු ජනතාව අතර සංහිඳියාව ගොඩ නැගීමේ අරමුණෙනි.උතුරේ දේශපාලන පක්ෂයක නායකයෙකු ගේ නායකත්වයෙන් මහ මැතිවරණයක් තරඟ කරන ප්‍රථම බෞද්ධ භික්ෂූන් වහන්සේලා වීමත් රටේ ජන කොටස් අතර සංහිඳියාව ගොඩ නැගීම වෙනුවෙන් මහ මැතිවරණයට ඉදිරිපත්වන ප්‍රථම භික්ෂූන් වහන්සේලා දෙනම වීමෙනුත් උන්වහන්සේලා දැනටමත් වාර්තාවක් පිහිටුවා ඇත. ඊපීඩීපී කොළඹ ලැයිස්තුවට නායකත්වය දෙන්නේ හිටපු බස්නාහිර පලාත් සභා මන්ත්‍රීවරයෙකුවන එස් රාජේන්ද්‍රන් ය..ඔහු මනෝ ගනේෂන් ගේ පක්ෂයේ සිටි ප්‍රබල නායකයෙකි.ඩග්ලස් දේවානන්දගේ දිගු කාලීන සිංහල දේශපලන සගයා වන ජාතික ධීවර මහා සම්මේලනයේ ලේකම් නෙල්සන් සුසිල් එදිරිසිංහ මේ කණ්ඩායමේ සංවිධයක වරයා ලෙස තරඟයට එක් වේ.මෙරට ප්‍රකට මුස්ලිම් දේශපාලන නායකයෙකුව සිටි එම් එච් මොහොමඩ් ගේ මුනුපුරෙකු ද වන මොහොමඩ් ෂෙහාබ් හුසේන් කාදර් කොළඹ ඊපීඩීපී කණ්ඩායමේ තරඟ වදින උද්‍යෝගීමත් සාමාජිකයෙකි.මේ හැර මේ කණ්ඩායමේ කේ ඒ ලලනි ,නම් උපාධිධාරී සංවර්ධන නිලධාරිනියක් ද දෙමළ ජනතාව නියෝජනය කෙරෙන කාන්තාවන්ගෙන් ද සමන්විත ය.ඒ අනුව ඩග්ලස් දේවානන්ද පවසනුයේ ශ්‍රී ලංකාව එක් රටක් ලෙස තබාගෙන උතුරු නැගෙනහිර දකුණ බටහිර ජනතාව ඒකරාශීව අනොන්‍ය ගරුත්වයෙන් හා විශ්වාසයෙන් යුතුව පාලනය වන රටක් බවට පත්කර ගතයුතු බවකි. එම අරමුණ වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් පෙනී සිටි එකම ප්‍රජාතන්ත්‍රාවාදී උතුරේ නායකයා සමග ශක්තිමත් කණ්ඩායමක් ඒ අරමුණ වෙනුවෙන්ම කොළඹින් මතුවීම ශ්‍රී ලංකා දේශපාලනයේ මතු වූ රිදී රේඛාවක් සේ සැලකිය හැකිය.නමුත් ඒ දැක්ම සඳහා අප සමාජය තුළ දේශපාලන සාක්ෂරතාවක් තිබීම ද අනිවාර්ය වනු ඇත.
සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති