භූගත ජලය පාවිච්චියේ දී කල්පනාකාරී වන්න

මේ දිනවල පවතින දැඩි වියළි කාලගුණ තත්වය හේතුවෙන් භූගත ජලය භාවිත කරන්නවුන් වඩාත් කල්පනාකාරී විය යුතු බව ජල සම්පත් මණ්ඩලය දැනුම් දෙයි.එම මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පර්යේෂණ සහ සංවර්ධන) ආර්. එම්. එස්. රත්නායක මහතා සඳහන් කළේ, භූගත ජලය භාවිත කිරීමේ දී රසයේ, ගන්ධයේ හෝ වර්ණයේ යම් වෙනසක් පවතී නම් එම ජල සාම්පල පරීක්ෂා කර ගන්නා ලෙස ය.භූගත ජල මට්ටම අඩුවීම හේතුවෙන් ලවණතාවයේ වෙනසක් සිදුවිය හැකි බැවින් ජනතාවට මේ පිළිබඳ අවධානය යොමුකරන ලෙස ඒ මහතා වැඩිදුරටත් පවසයි.භූගත ජලයේ එවැනි වෙනසක් ඇත්නම් කොළඹ, පුත්තලම, අනුරාධපුර සහ යාපනයේ පිහිටි පරීක්ෂණාගාරවලින් ජනතාවට ජල ජලසාම්පල පරීක්ෂා කරගත හැකි බව ද රත්නායක මහතා දන්වා සිටියි.

කාලීන පුවත්