රජය භූමිතෙල් මිල අසීමාන්තික ලෙස ඉහළ නැංවීමෙන් බරපතලම හානිය එල්ල වනුයේ සුළුපන්න ධීවරයන්ට වන අතර එළඹ ඇති තත්වය හමුවේ ඔවුනට තව දුරටත් තම වෘත්තිය කරගෙන යාමට නොහැකි වී ඇතැයි ධීවර සංවිධාන ගණනාවක් රජයට පෙන්වා දී තිබේ.මේ අතර විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසන්නේ භූමිතෙල් මිල සංශෝධනය වසර ගණනාවකට පෙර සිදුවිය යුතුව තිබුණද මෙතෙක් එය ක්‍රියාත්මක නොවීම මත මෙම මිල ඉහළ නැංවීම කිරීමට සිදු වූ බවකි.ලංකා ඛනිජ තෙල් නීිතිගත සංස්ථාව පාඩු ලැබීම සදහා එක් ප්‍රධාන හේතුවක් වූයේ සහනාධාර මිලකට භූමිතෙල් අළෙවි කිරීම බව පවසන අමාත්‍යවරයා පවසනුයේ අඩු ආදායම්ලාභී පවුල්, ධීවර හා වැවිලි ක්ෂේත්රවලට අවශ්‍ය භූමිතෙල් ලබාගැනීම සදහා ඍජු මුදල් සහනාධාරයක් ලබාදීමට රජය යෝජනා කර ඇති බවකි.