මගීන් 440 දෙනෙකු සමග පාකිස්තාන දුම්රියක් පැහැර ගැනුණු සැටි

vinivida

කාලයක සිටම පාකි්ස්තානයේ සන්නද්ධ අරගලයක නිරතව සිටින එක්තරා සටන්කාමී සංවිධානයක් විසින් මගීන් 440 දෙනෙකු සමග දුම්රියක් පැහැර ගැනීමේ සිද්ධිය පසුගිය දිනවල ජාත්‍යන්තර මාධ්‍ය තුළ ප‍්‍රධාන මාතෘකාවක් වුණා. තවමත් මේ සිද්ධිය පිලිබ`ද උණුසුම සම්පූර්ණයෙන් පහව ගොස් නැති බවත් දැකිය හැකියි.

පසුගිය 11 වැනි දින මෙම බිහිසුණු පැහැර ගැනීම සිදු කරන ලද්දේ පාකිස්තානයේ බලොකිස්තාන විමුක්ති හමුදාව නැමැති සන්න්ද්ධ සංවිධානය විසිනු යි. මෙය එරට විශාලම පළාත වන බලොකිස්තානය කේන්‍ද්‍ර කරගෙන කි‍්‍රයාත්මක වන සංවිධානයක්. ඔවුන්ගේ අරමුණ වන්නේ මෙම පළාත වෙනුවෙන් වඩ වඩාත් ස්වයං පාලන බලතල හිමි කරගැනීම හෝ එම පලාත පාකිස්තානයෙන් වෙන් කරගෙන වෙනම රාජ්‍යයක් බවට පත් කර ගැනීම යි. ස්වභාවික සම්පත් බහුල වශයෙන් පිහිටා ඇති පළාතක් වන බලොකිස්තානයේ මෙම සම්පත් මධ්‍යම රජය විසින් සූරාකනු ලබන බවට මෙම සංවිධානය චෝදනා කරනවා. එමෙන්ම ඔවුන් පවසන්නේ පළාතේ සහ එහි වැසියන්ගේ යහපත, දියුණුව වෙනුවෙන් රජය කිසිවක් නොකරන බව යි.

සිද්ධිය සිදු වූ දින උදේ 9 ට මෙම දුම්රිය පාකිස්තානයේ ක්වේටා නැමැති නගරයෙන් පිටත්ව තිබුණේ පේෂාවර් නගරය දක්වා ගමන් කිරීම සඳහා යි. දුම්රිය ගමනාරම්භ කර කි.මී. 160 ක් පමණ ගමන් කරද්දී, කඳුවලින් වටවුණු ඉසව්වක දී තමයි සන්නද්ධ කල්ලිය විසින් එය පැහැර ගැනුණේ. බිංගෙයක් ආසන්නයේ දී ඔවුන් දුම්රිය මාර්ගය පුපුරුවා හැර වෙඩි තබන්නට පටන් ගත් බව සඳහන් වුණා. එම අවස්ථාවේ දුම්රියෙහි සිටි පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු සහ සටන්කරුවන් අතර කෙටි වෙඩි හුවමාරුවක් සිදුව ඇති බවත් පැවසෙනවා. නමුත් මෙම පොලිස් නිලධාරීන්ගේ පතොරම් අවසන් වීමෙන් පසු සටන්කාමීන් දුම්රියට කඩා පැන තිබුණා.

සිද්ධිය සිදු වූ දින උදේ 9 ට මෙම දුම්රිය පාකිස්තානයේ ක්වේටා නැමැති නගරයෙන් පිටත්ව තිබුණේ පේෂාවර් නගරය දක්වා ගමන් කිරීම සඳහා යි. දුම්රිය ගමනාරම්භ කර කි.මී. 160 ක් පමණ ගමන් කරද්දී, කඳුවලින් වටවුණු ඉසව්වක දී තමයි සන්නද්ධ කල්ලිය විසින් එය පැහැර ගැනුණේ. බිංගෙයක් ආසන්නයේ දී ඔවුන් දුම්රිය මාර්ගය පුපුරුවා හැර වෙඩි තබන්නට පටන් ගත් බව සඳහන් වුණා. එම අවස්ථාවේ දුම්රියෙහි සිටි පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු සහ සටන්කරුවන් අතර කෙටි වෙඩි හුවමාරුවක් සිදුව ඇති බවත් පැවසෙනවා. නමුත් මෙම පොලිස් නිලධාරීන්ගේ පතොරම් අවසන් වීමෙන් පසු සටන්කාමීන් දුම්රියට කඩා පැන තිබුණා.

එම අවස්ථාවේ ඔවුන් එහි සිටි මගීන් ප‍්‍රාණ ඇපකරුවන් බවට පත් කරගත්තා. මෙම මගීන් අතරින් 100 දෙනෙකු පමණ පාකිස්තාන ආරක්‍ෂක අංශවල සාමාජිකයන් බවත් නිලධාරීන් ප‍්‍රකාශ කර තිබුණා. ඔවුන් බොහෝ දෙනා නිවාඩු ලබා නිවෙස් බලා පැමිණෙමින් සිටි අය බවයි සඳහන් වන්නේ.

දුම්රිය පැහැරගත් සටන්කාමීන්ගේ ඉල්ලීම වී තිබුණේ සිරගත කර සිටින එම සංවිධානයේ සාමාජිකයන් ඇතුළු දේශපාලන සිරකරුවන් පැය 48 ක් ඇතුළත නිදහස් කළ යුතු බවයි. එසේ නොකළහොත් ප‍්‍රාණ ඇපකරුවන් මරා දමන බවට ඔවුන් තර්ජනය කළා.

කෙසේ නමුත් බලොකිස්තාන විමුක්ති හමුදාවේ ඉල්ලීම ඉටු කරන්නට බලධාරීන් ගේ අදහසක් තිබුණේ නැහැ. ඔවුන් එ් වෙනුවට ප‍්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමේ මෙහෙයුමක් සැලසුම් කිරීමට පියවර ගත්තා.
මෙවැනි මෙහෙයුමකට බලපෑ අභියෝග කිහිපයක්ම තිබුණා.

ඇතැම් සටන්කාමීන් මරාගෙන මැරෙන බෝම්බ කට්ටලවලින් ද සන්නද්ධව සිටි බව වාර්තා වුණා. ආරක්‍ෂක අංශ ප‍්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමට පැමිණියහොත් ඔවුන් මෙම බෝම්බ පුපුරුවා ගැනීමේ අනතුරක් තිබුණා.

දුම්රිය පැහැර ගැනීමට ලක් වූ ප‍්‍රදේශය කඳුවලින් වට වූ ප‍්‍රදේශයක් වීම නිසා ජංගම දුරකතන සහ අන්තර්ජාල සබඳතා කි‍්‍රයාත්මක වුණෙත් නැහැ. මෙයත් ප‍්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමේ මෙහෙයුමකට අභියෝගයක් වුණා.

කෙසේ හෝ වේවා, පාකිස්තාන ආරක්‍ෂක අංශ 12 වැනි දින උදයේ මෙම මෙහෙයුම කි‍්‍රයාත්මක කිරීමට පියවර ගත්තා. මෙම බිහිසුණු මෙහෙයුමේ දී ආරක්‍ෂක හමුදා අතින් සටන්කාමීන් 33 දෙනෙකු මරණයට පත් වුණා.

දුම්රියෙහි සිටි සිවිල් ප‍්‍රාණ ඇපකරුවන් සහ හමුදා සාමාජිකයන් පිරිසක් ද සටන්කාමීන් විසින් ඝාතනය කෙරුණා. පාකිස්තාන නිලධාරීන් මාධ්‍ය සමග පවසා තිබුණේ 25 දෙනෙකු මේ ආකාරයෙන් මියගොස් තිබූ බව යි.

කෙසේ හෝ වේවා, මගීන් 300 කට ආසන්න සංඛ්‍යාවක් මුදා ගැනීමට ආරක්‍ෂක අංශ සමත් වුණා. 440 දෙනෙකු දුම්රියේ ගමන් කර තිබූ නිසා ඉතිරි පිරිසට සිදු වූයේ කුමක්ද යන්න මෙම සටහන ලියන අවස්ථාව වනවිටත් නිශ්චිතව ප‍්‍රකාශ වී තිබුණේ නැහැ.

සිද්ධිය වන අවස්ථාවේ දුම්රියේ සිටි මගීන් තමුන්ගේ අත්දැකීම ගැන කළ විස්තරත් මාධ්‍ය තුළ පළ වී තිබුණා. දරුවන් පස් දෙනෙකුගේ පියෙකු සිත්පිත් නැති ලෙස මරා දැමූ අවස්ථාවක් ගැනත් එක් මගියකු විස්තර කර තිබෙනවා.තවත් මගියකු පවසා තිබුණේ තමා අසළම සිටි තමාගේ ඥති සහෝදරයකු ද සටන්කාමීන් විසින් මරා දමන ලද බවයි. ඔහුව මරා දමා තිබුණේ තමා දරුවන් දෙදෙනකුගේ පියෙකු බව කියමින් එම ඥතියා ජීවිත දානය ඉල්ලා හඬා වැටෙමින් සිටිය දී යි.

සටන්කාමීන් මුලදීම මගීන් සුළු පිරිසක් නිදහස් කර යැවීමට පියවර ගෙන තිබූ බව සඳහන්. කාන්තාවන්, ළමුන් සහ වියපත් පුද්ගලයන් එ් අතර සිටි බව පැවසෙනවා.

සටන්කාමීන් පිරිසක් මගීන් යම් පිරිසක් ද රැගෙන එ් ආසන්න කඳුකර කැලෑවලට පලා යන්නට ඇතැයි ද විශ්වාස කෙරෙනවා. සටන්කාමීන්ගේ ප‍්‍රහාරය ආරම්භ වූ අවස්ථාවේ සමහර මගීන් දුම්රියෙන් පැන ගොස් ඇති බවක් ද සඳහන්. කෙසේ හෝ වේවා, මෙම පිරිස් සොයා මේ වනවිටත් මෙහෙයුම් කි‍්‍රයාත්මක වන බවයි සඳහන් වන්නේ.

සිද්ධිය වන අවස්ථාවේ දුම්රියේ සිටි මගීන් තමුන්ගේ අත්දැකීම ගැන කළ විස්තරත් මාධ්‍ය තුළ පළ වී තිබුණා. දරුවන් පස් දෙනෙකුගේ පියෙකු සිත්පිත් නැති ලෙස මරා දැමූ අවස්ථාවක් ගැනත් එක් මගියකු විස්තර කර තිබෙනවා.

තවත් මගියකු පවසා තිබුණේ තමා අසළම සිටි තමාගේ ඥති සහෝදරයකු ද සටන්කාමීන් විසින් මරා දමන ලද බවයි. ඔහුව මරා දමා තිබුණේ තමා දරුවන් දෙදෙනකුගේ පියෙකු බව කියමින් එම ඥතියා ජීවිත දානය ඉල්ලා හඬා වැටෙමින් සිටිය දී යි.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර