හරිත කෘෂිකර්මාන්තය ප්‍රචලිත කිරීමේ වැඩපිළිවෙල හේතුවෙන් තමාගේ දේශපාලන ප්‍රතිරූපයට දැඩි හානියක් සිදු වූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා කියයි. පවසනවා. නමුදු එම වැඩපිළිවෙල තුළින් රටටත් ජනතාවටත් සිදුවන මතු යහපත ගැන සිතා හරිත කෘෂිකර්මාන්තය වෙනුවෙන් තවදුරටත් නොබියව පෙනී සිටින බව පවසන අලුත්ගමගේ මහතා කෙතරම් අභියෝග ආවත් හරිත කෘෂිකර්ම ප්‍රතිපත්තිය රජයෙන් ගනු ලැබූ ඉතා හොඳ තීරණයක් නිසා රජයත්, ජනාධිපතිවරයාත් සමඟ එම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න කැපවන බව කියයි. කෘෂිකර්ම අමාත්‍යාංශයට පත්ව ඇති නව ලේකම්වරයා හා අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් සමඟ අද (31) පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ කරුණු අනාවරණය කළේය.