“ඔබතුමා මගේ පියා වෘත්තිය සමිති නායකයන්ට කරපු දෙයක් ගැන කිව්වා.මම ස්වාධීන පුද්ගලයෙක්.මට ස්වාධීන හිතක් ස්වාධීන මනසක් තියනවා.මම දන්නෙ නෑ ඔබතුමාගේ පුතා ඔබතුමා කරන හැම දෙයක්ම කරනවද? කියලා. මම නම් එහෙම කරන්නේ නැහැ” විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ අද (08) පැවැත්වෙන විවාදයට එක්වෙමින් කීය.ඒ සමඟම ඔහු ඔබතුමා කියන්නේ “එතකොට මමත් යන්න ඕන ඒ පාරේද. ඒකද කියන්නේ”.යනුවෙන් ප්‍රති පැනයක් ද නැඟීය.පසුගිය කාලය තුළ දේශපාලන වේදිකා වල නිරන්තරයෙන්ම”මගේ ආදරණීය සදාදරණීය පියාණන්”යනුවෙන් හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා සිහිපත් කිරීම මත සජිත් ප්‍රේමදාස මහතා දේශපාලන විරුද්ධවාදීන් විසින් “පුතානෝ”යන සරදම් නමින් ද හඳුන්වන ලදී.