මට නම් IMF එක බරපතල කොන්දේසි දැම්මෙ නෑ

වසර පහකට මාස එක හමාරකට අඩු තම පාලන කාලය තුළ තමන් ජාත්‍යනතර මූල්‍ය අරමුදල( ) සමඟ සබඳතා පැවැත්වූ මුත් ඔවුන් තමන්ට බරපතල කොන්දේසි නොපැන වූ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කීය. ඒ ඊයේ (26) පස්වරුවේ පිටකෝට්ටේ පැවති වැඩසටහනකට සහභාගී වෙමිනි.එහි දී හිටපු ජනාධිපති වරයා වැඩි දුරටත් පවසා සිටියේ වත්මන් ආණ්ඩුව ආර්ථික, දේශපාලනික, ජාත්‍යන්තර ආදි සියලු ගැටලු අවුල්කරගෙන ඇති බවයි.
එහි දී අදහස් දක්වමින් මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ ද කීය.
“මේ ජීවත් වන මිනිසුන්ගේ ජීවිතය ගොඩනඟන්නේ කොහොමද කියන ප්‍රශ්නයක් අද මතුවෙලා තියෙනවා. අද දේශපාලනය, ආර්ථිකය, සමාජ අර්බුද, ජාත්‍යන්තරය මේ සියල්ලම අවුල් කරගෙන තිබෙනවා. බොහෝ දෙනෙක් ආණ්ඩුවට කියනවා ඇයි IMF යන්නේ නැත්තේ කියලා. මේ ආර්ථික අර්බුදය විසඳාගන්න යම්කිසි සහනයක් එතනින් හම්බවෙයි කියලා. ආණ්ඩුවේ බලවතුන් කියනවා නෑ අපි IMF යන්නේම නැහැ කියලා කියනවා. සමහර විට මතක ඇති මගේ අවුරුදු පහකට මාස එකහමාරකට අඩු මුළු කාලයම මම වැඩකළේ IMF එක සමග, IMF එක මට බරපතළ කොන්දේසි දැම්මේ නැහැ. ඒ වගේම දාපු සමහර කොන්දේසි ටිකක් තද ඒවාට මම කිව්වා මෙවාට නම් කොහෙත්ම අත තියන්න පුළුවන් දේවල් නොවේ කියලා මම කිව්වා. ඒ වෙලාවේ ඒ අය ඒක පිළිගත්තා.”

කාලීන පුවත්