වී අලෙවි මණ්ඩලය මෙවර යල කන්නයේ වී මිලදි ගැනීමේ කටයුතු අද(17) සිට ආරම්භ කරනු ඇත.. එහි පළමු අදියර සදහා රුපියල් කෝටි 200 ක් වෙන් කර ඇති අතර. වී මිලදි ගැනීමට ඇමති මණ්ඩල අනුමැතිය ද ලැබී තිබේ. ඒ අනුව නාඩු වී කිලෝවක් රුපියල් 120 ටත්. සම්බා වී කිලෝවක් රුපියල් 125 ටත් මිලදී ගැනේ. කිීරි සම්බා වී කිලෝවක් මිලදී ගැනෙන්නේ රුපියල් 130 කටය. මෙම පලමු අදියර යටතේ වී මෙට්රික් ටොන් තිස් දහසක් ගොවීන්ගෙන් මිලදී ගැනීමට අපේක්ෂා කෙරෙන අතර එමඟින් ගොවියා සේම පාරිභෝගිකයා ද අතරමැදියන්ගේ සූරා කෑම් වලින් ගලවා ගැනීම එහි අරමුණ වී තිබේ.