මත්තල ගුවන් තොටුපොළ වසර තිහක කාලයකට ඉන්දියානු සහ රුසියානු අනුබද්ධ සමාගමකට පැවරීමට පසුගිය ආණ්ඩුව ගෙන තිබූ කැබිනට් තීරණය ක්‍රියාත්මක නොකෙරෙන බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කළේය.
මීට අදාළ ගිවිසුම කෙටුම්පත් කිරීම ද එවකට වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය ආරම්භ කර තිබිණි. එහෙත් එවැනි ගිවිසුමක් ක්‍රියාත්මක කිරීම පවතින තත්ත්වයට විසඳුමක් නොවේය යන්න වත්මන් ආණ්ඩුවේ අදහස වී තිබෙන බවත් ඉහත ආරංචි මාර්ග කීවේය.
ගුවන්තොටුපළ ඉදි කළේ වසරකට දස ලක්ෂයක මගී ධාරිතාවක් අපේක්ෂා කරමින් වුව ද පසුගිය සය වසර පුරාවට ක්‍රියාත්මක වී ඇත්තේ ගුවන් ගමන් 2182ක් පමණි.