බැලූ බැල්මට අප ඉතා සෞඛ්‍ය සම්පන්නව ජීවත් ජීවත්වන බව බාහිරින් පෙනුණත් ශරීර අභ්‍යන්තරයේ ක්‍රම ක්‍රමයෙන් සිදුවෙමින් පවතින කුමක් හෝ දෙයක් තිබෙන්නට බැරිකමක් නැත. මේ දැනුවත් කරන්නට යන්නේ එලෙස සිදුවන විනාශයක් පිළිබඳවයි. එනම් අක්මාවේ තෙල් වශයෙන් පොදු ව්‍යවහාරයේ පවතින සමහරු ෆැටි ලිවර් ( fatty liver ) ලෙසින් හඳුන්වන රෝග තත්ත්වය පිළිබඳව ය.
අක්මාවේ තෙල් තැන්පත් වන්නේ කොහොමද?
මෙසේ වන්නේ තෙල් සහිත ආහාර ශරීරයට ඇතුළු වීම නිසා ය. තෙල් යනු පොල්තෙල් පමණක් නොවේ. පොල් කිරි, පිටි කිරි ආදී වශයෙන් අප ඉතා කැමැත්තෙන් ගන්නා ආහාරවල ඵලයක් වන්නේ තෙල් ය. සිරුරේ තරබාරු බව වැඩි වන්නට වැඩි වන්නට එලෙස අක්මාව විසින් තෙල් භාර ගැනීමද වැඩි වැඩියෙන් සිදුවේ. ඒ ආකාරයට තෙල්වලට වැඩි කැමැත්තක් දක්වන ශරීරයේ වැදගත් අවයක් වන්නේ අක්මාව යි.
අක්මාව කුමන ආකාරයේ අවයවයක්ද?
ප්‍රමාණයෙන් අඩියක් පමණ වන අක්මාව පිහිටා තිබෙන්නේ බඩේ දකුණු පස මඳක් ඉහළට වන්නට ය. මෙය මිනිස් සිරුරේ ආහාර ගබඩාව යි. ඊට හේතුව අපට දෙතුන් වේලක් නිරාහාරව සිටින්නට සිදුවුවහොත් අපේ ශරීරය නඩත්තු කරන්නේ අක්මාව නිසා ය. එපමණක් නොව අපේ ශරීරය වෙනුවෙන් තවත් ඉතා වැදගත් කාර්යභාරයන් රැසක් මෙම අක්මාව මගින් ඉටු කරනු ලබයි. මෙවන් වැදගත් අවයවයක් වූ අක්මාව යම් හෙයකින් බිඳ වැටුණොත් එම පුද්ගලයා දෑස් හැර සිටින්නට නොහැකිව සිහි මූර්ජා වන තත්ත්වයට පත්විය හැකිය.
වේදනානාශක පෙති වර්ග අධි මාත්‍රාවක් එක වර ගත් ගත්විට සහ දීර්ඝ කාලයක් මත්පැන්වලට ඇබ්බැහි වී සිටීමෙන් ද වැඩිම හානියක් සිදුවන්නේ අක්මාවට ය. එසේම දීර්ඝ කාලයක් අරිෂ්ට වර්ග පානය කරන අයත් , තෙල් සහිත ආහාර අධිකව ගන්නා අයත් අක්මාවේ තෙල් තැන්පත් වීමට ගොදුරු විය හැකි අය ලෙස දක්වන්නට පුළුවන.මේ කවර ආකාරයකට අක්මාවේ තෙල් එක් රැස් වුවත් ඒවා ඉවත් කර දැමීමටද ශරීරය කටයුතු කරයි. මෙසේ තෙල් ඉවත් කිරීමේ දී අක්මාවට සුළු සුළු හානි පැමිණීම වැළැක්විය නොහැකිය. කාලයක් පුරා එලෙස අක්මාවේ තෙල් ඉවත් කරන්නට දරන උත්සාහයේදී එහි කොටස් දියවෙමින් රුධිරයට එකතු වීම සිදුවේ.
අක්මාවට හානි සිදුවන ප්‍රධාන හේතු කිහිපයක්
වේදනානාශක පෙති වර්ග අධි මාත්‍රාවක් එක වර ගත් ගත්විට සහ දීර්ඝ කාලයක් මත්පැන්වලට ඇබ්බැහි වී සිටීමෙන් ද වැඩිම හානියක් සිදුවන්නේ අක්මාවට ය. එසේම දීර්ඝ කාලයක් අරිෂ්ට වර්ග පානය කරන අයත් , තෙල් සහිත ආහාර අධිකව ගන්නා අයත් අක්මාවේ තෙල් තැන්පත් වීමට ගොදුරු විය හැකි අය ලෙස දක්වන්නට පුළුවන.
මේ කවර ආකාරයකට අක්මාවේ තෙල් එක් රැස් වුවත් ඒවා ඉවත් කර දැමීමටද ශරීරය කටයුතු කරයි. මෙසේ තෙල් ඉවත් කිරීමේ දී අක්මාවට සුළු සුළු හානි පැමිණීම වැළැක්විය නොහැකිය. කාලයක් පුරා එලෙස අක්මාවේ තෙල් ඉවත් කරන්නට දරන උත්සාහයේදී එහි කොටස් දියවෙමින් රුධිරයට එකතු වීම සිදුවේ. මෙලෙස රුධිරයේ දියවෙන එන්සයිම SGPT සහ SGOT නමින් දෙයාකාර ය. ඒවායේ සාන්ද්‍රණය සාමාන්‍ය තත්ත්වයට වඩා වැඩිද යන්න රුධිර පරීක්ෂණයක් මගින් හඳුනාගත හැකිය. එය අසාමාන්‍ය වැඩිවීමක් බව තහවුරු වන්නේ නම් අක්මාවට යම් හානි පැමිණවීමක් ආරම්භ වී ඇති බව වෛද්‍යවරු වහා අවබෝධ කර ගනිති.
මේ ආකාරයට දිගින් දිගටම ටිකෙන් ටික අක්මාව විනාශ වන විටදී අක්මාව පුරාම තුවාල කැළැල් ඇති වන්නට පටන් ගනියි. ඒ අතර අක්මාවේ කැළැල් නැති කොටස්, කැළැල් අතරින් වැඩිපුර පිටතට වර්ධනය වීමද සිදුවනු ඇත. එවිට බැලූ බැල්මට දිස්වන්නේ කුඩා කුඩා ගැටිති සමූහයකින් වැසී ගිය අක්මාවකි. එම කුඩා ගැටිතිවලට ඊටත් වඩා විශාල වන්නට කැළැල්වලින් ඉඩ ලැබෙන්නේ නැත. සිරෝසිස් යනුවෙන් හඳුන්වන්නේ මේ රෝගී තත්ත්වයයි.
සිරෝසිස් තත්ත්වයට ගොදුරු වූ රෝගියෙකුට ඉන්පසුව සිදුවන්නේ කුමක්ද?
අප ගන්නා පෝෂණය මුලින්ම රැගෙන යන්නේ අක්මාවට ය. එලෙස පෝෂණ කොටස් රැගෙන එන පෝෂක නහරයට මෙබඳු වාතාවරණයක් තුළ දී අක්මාවට ඇතුළු වන්නට සිදුවන්නේ කැළැල් සමූහයක් අතරිනි. නමුත් මෙවැනි තත්ත්වයකදී අක්මාව තුළට යාගන්නට නොහැකිව නහරය තුළ ඇති රුධිරය තෙරපීමකට ලක්වේ. එවිට මෙම නහරය ආරම්භ වන ස්ථානයෙන්ම කුඩා නහර ගැට ගැසෙමින් පිටතට ඉලිප්පෙන්නට පටන් ගනියි. එලෙස ඉලිප්පුන නහර ආහාර මාර්ගය ආරම්භ වන ස්ථානයේ එනම් ආමාශය පටන් ගන්නා ස්ථානයේදී පුපුරා යන අවස්ථාද නැතිවා නොවේ.
මේ තත්ත්වය එන්ඩොස්කොපි පරීක්ෂණයක් මගින් ඉතා හොඳින් නිරීක්ෂණය කරන්නට වෛද්‍යවරුන්ට හැකියාව ඇත. එලෙස එක් නහරයක් හෝ පුපුරා ගියහොත් විශාල රුධිර වහනයක් සිදුවන අතර ලේ වමනය ආකාරයට ඒවා සිරුරෙන් බැහැර වෙමින් එක්වරම ජීවිතය විශාල කඩා වැටීමකට ලක්වෙයි. එසේම අනෙක් අතට රුධිරය ආහාර මාර්ගය තුළට ගමන් කර ආහාර සමගම ජීර්ණය වීමෙන් තාර පැහැයෙන් මළ පහ විය හැකිය. එන්ඩොස්කොපි පරීක්ෂණයක් මගින් කල්තබා මෙම තත්ත්වය හඳුනාගත් විටදී උදර පතුලේ ඇති එබඳු ඉලිප්පුන නහර රබර් වළලු යොදා ආරක්ෂා කර ගැනීමට හැකියාව ඇත.
මෙවැනි අවස්ථාවකට පත්වූවකු මුහුණ දෙන තවත් ගැටලුකාරී තත්ත්වයක්ද තිබේ. ආහාරවල පෝෂණය අක්මාවට රැගෙන යන ආහාර මාර්ගයේ පහළ කොටස්වල නහර දරාගන්නට අපහසු විවිධ දුගඳ වායූන්ගෙන් පිරී ඇත. මේ ආකාරයේ විෂ වර්ගත් පෝෂණ කොටස් සමග අක්මාවට පැමිණෙන්නේ ශරීරය තුළට ඇතුළු වීම සඳහා ය. එහෙත් අක්මාව ඊට අවකාශය නොදෙමින් ඒ සියලු විෂ ග්‍රහණය කර විනාශ කර දමයි. නමුත් අක්මාව පෙර කී ආකාරයට දුර්වල වූ විටදී ඒ හැකියාව ගිලිහී යමින් එබඳු විෂ සියල්ල ශරීරය තුළටත් එතනින් එහා මොළය දක්වාත් ගමන් කරනු ඇත. මෙවැනි තත්ත්වයක් ඇතිවුවහොත් රෝගියා සිහි විසඥ වී ජීවිතය තවදුරටත් රැක ගැනීමට අපොහොසත් විය හැකිය. නමුත් එබඳු රෝගීන් ද වරින් වර වස්ති කරවමින් ආහාර මාර්ගයේ කසල කොටස් නිරන්තරයෙන් පවිත්‍ර කිරීමේ ක්‍රමවේදයකට ලක් කිරීම තුළින් ඔවුන්ගේ ජීවිතද රැක ගැනීමට හැකියාව පවතී.
බොහෝ විට රෝගීන් බඩේ අමාරුවක් වැනි දෙයකට ප්‍රතිකාර ගැනීමට හෝ ශරීරයේ චෙකප් එකක් කරගැනීමට පැමිණි විට ස්කෑන් පරීක්ෂණයකදී වෛද්‍යවරයාට මෙම රෝගය ඇත්නම් එය හඳුනාගත හැකිය. එසේම SGPT සහ SGOT රුධිර පරීක්ෂණ මගින් ද යම් අයෙකුට මෙම fatty liver රෝග තත්ත්වය තිබේ ද යන්න වෛද්‍යවරයෙකුට පැහැදිලිව හඳුනා ගැනීමට හැකි වනු ඇත. අද වන විට මෙබඳු තත්ත්වයන් පාලනය කළ හැකි විවිධ ඖෂධ වර්ග නිපදවා තිබේ. නමුත් වඩා වැදගත් වන්නේ අපේම වැරදි චර්යා, ඇබ්බැහි වීම් සහ වැරදි ආහාර රටාවන්ගෙන් මිදී අක්මාව ආරක්ෂා කර ගැනීම මිස රෝගී වූ පසුව ඖෂධවල පිහිට පැතීම නොවේ.
මෙම තත්ත්වයට පත් වූ රෝගීන්ගේ රුධිරයේ ප්‍රෝටීන ප්‍රමාණය ක්‍රමයෙන් පහළ බැසීම හේතුවෙන් ප්‍රධාන වශයෙන් පාද ඇතුළුව මුළු ශරීරයම ඉදිමෙන්නට පටන් ගනී ගනියි. ඊට හේතුව ශරීරයේ ප්‍රෝටීන නිෂ්පාදනාගාරය පවතින්නේ ද අක්මාවේ ම වන නිසා ය.
අපේ නිරෝගී පැවැත්මට සුවිසල් කාර්යභාරයක් ඉටුකරන අක්මාව රෝගී වීමේ ප්‍රතිඵලය ඔබ සිතනවාට වඩා බොහෝ බරපතල බව දැන් ඔබට පැහැදිලි ඇතැයි සිතමු. Fatty liver අප වැඩි දෙනෙක් දන්නා NASH ( Non alcoholic steato hepatitis) නමින්ද හැඳින්වෙන අක්මාවේ තෙල් තැන්පත් වී හානි පැමිණවීමේ රෝගී තත්ත්වය ස්කෑන් හා රුධිර පරීක්ෂණ මගින් වෛද්‍යවරුන්ට කල් තියා හඳුනාගත හැකිය. නමුත් අවාසනාවට මෙම රෝගයෙන් පෙළෙන අයෙකුට මුල් කාලයේදී එය හඳුනා ගැනීම සඳහා කිසිදු රෝග ලක්ෂණයක් පළවන්නේ නැත. බොහෝ විට රෝගීන් බඩේ අමාරුවක් වැනි දෙයකට ප්‍රතිකාර ගැනීමට හෝ ශරීරයේ චෙකප් එකක් කරගැනීමට පැමිණි විට ස්කෑන් පරීක්ෂණයකදී වෛද්‍යවරයාට මෙම රෝගය ඇත්නම් එය හඳුනාගත හැකිය. එසේම SGPT සහ SGOT රුධිර පරීක්ෂණ මගින් ද යම් අයෙකුට මෙම fatty liver රෝග තත්ත්වය තිබේ ද යන්න වෛද්‍යවරයෙකුට පැහැදිලිව හඳුනා ගැනීමට හැකි වනු ඇත. අද වන විට මෙබඳු තත්ත්වයන් පාලනය කළ හැකි විවිධ ඖෂධ වර්ග නිපදවා තිබේ. නමුත් වඩා වැදගත් වන්නේ අපේම වැරදි චර්යා, ඇබ්බැහි වීම් සහ වැරදි ආහාර රටාවන්ගෙන් මිදී අක්මාව ආරක්ෂා කර ගැනීම මිස රෝගී වූ පසුව ඖෂධවල පිහිට පැතීම නොවේ.
කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් ද සිල්වා
සැකසුම – ඉන්දු පෙරේරා