මත්පැන් නිෂ්පාදනය පහළ වැටී එතනෝල් ගොඩ ගැසේ

මත්පැන් නිෂ්පාදනය අඩුවීම හේතුවෙන් ඉස්කාගාර හතක මත්පැන් නිෂ්පාදනයට අවශ්‍ය එතනෝල් ලීටර් ලක්ෂ හැටක් පමණ ගොඩ ගැසී තිබේ.

තවදුරටත් එතනෝල් ගබඩා කිරීමේ පහසුකම් නොමැති වීම නිසා ඉදිරියේදී උක් අස්වනු මිලට ගැනීම සම්බන්ධයෙන් එම ස්කාගාර දැඩි ගැටලුවකට මුහුණ දී ඇත. පවතින තත්ත්වය යටතේ එතනෝල් ලීටරයක මිල රුපියල් එක්දහස් දෙසීයේ සිට රුපියල් හත්සියය දක්වා අඩු වී තිබේ.

මත්පැන් නිෂ්පාදනය අඩුවීමට මිල වැඩි වීම බලපා තිබෙන අතර එතනෝල් මිල අඩු කළහොත් මත්පැන් නිෂ්පාදන මිල ගණන් පහත දැමිය හැකි හෙයින් ඒ සඳහා ඉඩක් පවතින්නේද යන්න සුරාබදු දෙපාර්තමේන්තුව ඉස්කාගාර සමග සාකච්ඡා වට කිහිපයක්ද පවත්වා ඇත. එහෙත් පවතින වියදම් අනුව එතනෝල් මිල ගණන් පහත හෙළිය නොහැකි බව නිෂ්පාදකයන් දෙපාර්තමේන්තුවට දන්වා තිබේ.

කාලීන පුවත්