මත්පැන් මිල ඉහළ යෑම නිසා එහි අලෙවිය අඩු වී ඇති අතර ඒ මඟින් රජයට ලැබෙන සුරා බදු ආදායම් ද අඩු වී ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පෙන්වා දී ඇති බැවින් මත්පැන් මිල අඩු කිරීමට ඇති හැකියාවන් සොයා බලන ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සුරාබදු කොමසාරිස් ජනරාල් වරයාට උපදෙස් දී තිබේ.එමෙන්ම නීත්‍යානුකූල මත් පැන් මිල අධික ලෙස ඉහළ යාම හේතුවෙන් හොර සුරා නිෂ්පාදනය සහ අලෙවිය ද ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව විවිධ අංශ මඟින් කලෙක සිට පෙන්වා දී ඇත.