මත්පැන් මිල සම්බන්ධයෙන් සුරාබදු කොමසාරිස්ගෙන් ප්‍රකාශයක්

2025 වසරේ ජනවාරි මස 07 වනදා මත්පැන්වල මිල වැඩිවීම් සිදුකළ බැවින් නැවතත් මේ වතාවේ මිල වැඩිවීමක් සිදුනොවන බව සුරාබදු කොමසාරිස් ජනරාල් යු.එල්. උදය කුමාර පෙරේරා පවසයි.

ඔහු මේ බව පැවසුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

එමෙන්ම රාජ්‍ය සේවයේ වැටුප් වැඩිවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ, වැටුප් වැඩි කිරීමත් සමඟ රාජ්‍ය සේවකයින් අභිප්‍රේරණයෙන් යුතුව ඉදිරියේ දී ක්‍රියාකරනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

නීති විරෝධී මත්පැන් කටයුතු සියල්ල මර්දනය කර රාජ්‍ය ආදායම වැඩිකිරීම වෙනුවෙන් පියවර ගන්නා බව ද ඔහු වැඩිදුරටත් එහිදී සඳහන් කළේය.

කාලීන පුවත්