ඇතැම් පිරිස් මත්ද්‍රව්‍යයක් ලෙස භාවිතා කරන ප්‍රබල වේදනා නාශක ඖෂධ පෙති වර්ග දෙකක් කාලයක් තිස්සේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට අලෙවි කිරීමේ ඡාවාරමක නිරතව සිටි පේරාදෙණිය රෝහලේ වෛද්‍යවරයෙකු අත්ගාල පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (13) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ.මත්ලෝලියෙකුගෙන් හෙළි වූ තොරතුරු මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.වෛද්‍යවරයාට කළ ඇනවුමකට අනුව වර්ග දෙකකට අයත් වේදනා නාශක පෙති වර්ග 1600ක් රුපියල් 160,000කට අලෙවි කිරීමට රැගෙන ආ අවස්ථාවේදී නාවලපිටියේ දී මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත.