මධ්‍යම අධිවේගයේ මීරිගම- කුරුණෑගල කොටස විවෘත කෙරේ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එකම වර එකම පීත්ත පටියක් කැපීමෙන් මධ්‍යම අධිවේගී මර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වන කොටස අද (15) විවෘත  කෙරුණි.කිලෝමීටර් 40.91ක දුරින් යුතු පාරිසරික සහ සමාජීය බලපෑම් අවම වන පරිදි ඉදිකර ඇති මෙම අධිවේග මාර්ග කොටස නාගරික ප්‍රදේශ මග හරිමින් ප්‍රධාන වශයෙන් හිස් ඉඩම් හරහා ඉදිකර ඇත.එමෙන්ම මෙම මාර්ග කොටස දැනට ශ්‍රී ලංකාවේ අලංකාරම අධිවේගී මාර්ග කොටස ලෙස හඳුනාගෙන තිබේ.මීරිගම, නාකලගමුව, දම්බොක්ක, කුරුණෑගල සහ යග්ගපිටිය යන ස්ථානයන් හි අන්තර් හුවමාරු මධ්‍යස්ථාන පහක් ඉදිකර තිබේ.මේ සඳහා රුපියල් බිලියන 137ක් වැය වී ඇත.

කාලීන පුවත්