මන්ත්‍රී අර්ච්චුනා ගැන 03 වෙනිදා අධිකරණයට කියන්න

අනුරාධපුර ප්‍රදේශයේදී රථ වාහන පොලීස් නිලධාරීන්ගේ රාජකාරියට බධා වන ආකාරයට කටයුතු කිරීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා සම්බන්ධයෙන් පෙබරවාරි මස 3 වැනිදා කරුණු වාර්තා කරන ලෙස අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය පොලීසියට නියෝග කර ඇත. ඒ නියෝගය කර ඇත්තේ අනුරාධපුර ප්‍රදේශයේදී රථ වාහන පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බධා වන ආකාරයට කටයුතු කිරීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වරයාට එරෙහිව පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කළ විමර්ශනය සම්බන්ධයෙන් පොලීසිය අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළ අවස්ථාවේ දීය.

කාලීන පුවත්