යාපනය දිස්ත්‍රික් ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් මහතාගෙන් රුපියල් මිලියන සියයක වන්දියක් ඉල්ලා යාපනය ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය පී.සත්‍යමූර්ති මහතා 18 දා යාපනය අධිකරණයේ නඩුවක් ගොනු කොට තිබේ.පසුගිය දිනයෙක යාපනය ශික්ෂණ රෝහලට බලහත්කාරයෙන් කඩාවැදී තමන්ට අපහාස වන අන්දමට මෙම මන්ත්‍රීවරයා හැසිරුණු බවටත්, යාපනය දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී ද තම කීර්ති නාමයට හා රෝහලේ ගෞරවයට හානි වන ආකාරයට මන්ත්‍රීවරයා කටයුතු කළ බවටත් එම නඩුවෙන් චෝදනා නඟා ඇත. අවස්ථා කීපයකදීම මන්ත්‍රීවරයා අභූත චෝදනා එල්ල කරමින් තමන් අපහසුතාවට පත් කළ බවද තවත් අවස්ථා කීපයකදී තමන්ට තර්ජනය කළ බවද ප්‍රකාශ කරන යාපනය ශික්ෂණ රෝහලේ අධ්යක්ෂවරයා මේ හේතූන් නිසා තමන්ට හා තම කීර්ති නාමයට සිදු වූ හානිය වෙනුවෙන් රුපියල් මිලියන සීයක් වන්දි වශයෙන් ලබා දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා තිබේ. වෛද්‍ය අර්චුනා රාමනාදන් මන්ත්‍රීවරයාට එරෙහිව මේ වන විට ශ්‍රී ලංකාවේ අධිකරණ කීපයක නඩු 21 ක් විවිධ පුද්ගලයින් විසින් ගොණු කොට ඇති බවද වාර්තා වේ.