මන්ත්‍රී වරුන්ගේ නිදහස් ඡන්ද අයිතියට අවහිර කරන්නවුන් ගැන සොයා බැලීමට උපදෙස්

ජනාධිපතිවරණය සම්බන්ධ පාර්ලිමේන්තු ඡන්ද විමසීමේ දී නිදහසේ ඡන්දය භාවිත කිරීමට ඔවුනට ඇති අයිතිය අවහිර කරමින් සමාජ මාධ්‍යයේ බලපෑම් කරන පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන ලෙස වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබාදී තිබේ.පාර්ලිමේන්තු මන්ත්‍රී බලතල හා වරප්‍රසාද පනත ඇතුලු ඊට අදාළ අපරාධ නීති පනත් කඩ කිරීම් සම්බන්ධ නීතිමය තත්වයන් විමසා බලා එආනුව අදාළ විමර්ශන පවත්වන ලෙස වැඩබලන ජනාධිපතිවරයා අදාළ ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබාදී ඇති බව සඳහන්වේ.

කාලීන පුවත්