මන්නාරමේ ඉදිකිරීමට සැලසුම් කොට තිබූ ඩොලර් බිලියන 01ක සුළං බලශක්ති ව්‍යාපෘතියෙන් ඉවත් වීමට අදානි ග්‍රීන් එනර්ජි සමාගම තීරණය කර ඇත.එම සමාගම මේ සම්බන්ධව ලංකා ආයෝජන මණ්ඩලය වෙත දැනුම් දී තිබේ.එමෙන්ම මෙය ගෞරවාන්විත ලෙස ඉවත්වීමක් බව ය.එමෙන්ම ශ්‍රී ලංකාවේ ඉදිරි අනාගත ව්‍යාපෘති වෙනුවෙන් තම සමාගම විවෘත බවත් ප්‍රකාශ කර ඇත.ව්‍යාපෘතිය ආරම්භයට අවශ්‍ය බොහෝ අනුමැතීන් මේ වන ලබා ගෙන තිබියදීත් මෙතෙක් නොවිසඳුණු පාරිසරික නිෂ්කාෂණයන් හා දැනට පවතින ශ්‍රේෂ්ඨාධිකරණ නඩු කටයුතු ඇතුළු විවිධ ප්‍රමාදයන් උපුටා දක්වමින් මේ දක්වා මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීමට නොහැකි වී තිබේ.