අදානි සමාගම විසින් ශ්‍රී ලංකාවේ මන්නාරම සහ පූනරින් හි ක්‍රියාත්මක කිරීමට යෝජිත මෙගාවොට් 484ක සුළං බල ව්‍යාපෘති අවලංගු කර ඇති බවට විදෙස් මාධ්‍ය වල පළවන වාර්තා ප්‍රතික්ෂේප කරනු ලබන බව අදානි සමූහය පවසයි.මෙම ව්‍යාපෘති අවංලගු කර නොමැති බවට අවධාරණය කරනු ලබන අදානි සමූහය පවසන්නේ, ශ්‍රී ලංකාවේ හරිත බලශක්ති අංශයේ ඩොලර් බිලියන 1ක ආයෝජනයක් වෙනුවෙන් සිය කැපවීම අවධාරණය කරනු ලබන බවය.ඒ සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් නිකුත් කරමින් එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ විදෙස් මාධ්‍ය වල පළවන එම වාර්තා අසත්‍ය හා නොමග යවන සුළු ඒවා බවයි.2025 ජනවාරි 2 වැනිදා ශ්‍රී ලංකා කැබිනට් මණ්ඩලය විසින් 2024 මැයි මාසයේදී අනුමත කරන ලද ගාස්තු, නැවත ඇගයීමට ගත් තීරණය නව රජය විසින් සිදු කරන ලද සම්මත සමාලෝචන ක්‍රියාවලියක් බවත්,එම් සමාලෝචනය රටේ යාවත්කාලීන කරන ලද බලශක්ති ප්‍රතිපත්ති සහ ප්‍රමුඛතා සමග පෙළගැස්වීම සහතික කිරීම අරමුණු කර ගෙන ඇති බවත් ඔවුන් විසින් නිකුත් කරන ලද නිවේදනයේ සඳහන් වේ.