මනාප ගණන් කිරීමට සිදුවුවහොත්, සමස්ත ප්‍රතිඵලය නිකුත් කෙරන්නේ මනාපවල එකතුවද සහිතව – ආර්.එම්.ඒ.එල්. රත්නායක

යම් හෙයකින් මනාප ගණන් කිරීමට සිදුවුවහොත්, සමස්ත ප්‍රතිඵලය නිකුත් කෙරන්නේ එම මනාපවල එකතුවද සහිතව බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක පැවසීය.

යම් අපේක්ෂකයකු සියයට පනහක (50%) ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන නොසිටියේ නම් ගණන් කිරීමේ මධ්‍යස්ථානවලදී මනාප ගණන් කරන බවත්, එම මනාපය ඡන්දයක් ලෙස සලකා සමස්ත ප්‍රතිඵලය නිකුත් කෙරෙන බවත් ඔහු කීවේය.

දිස්ත්‍රික් මට්ටමින් මනාප ප්‍රතිඵල ලබාගෙන එය සමස්ත ප්‍රතිඵලයට එකතු කර, ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමට නියමිත බවද සභාපතිවරයා සඳහන් කළේය.

කාලීන පුවත්