මම ජනතාවගෙන් සමාව ඉල්ලනවා; ජනපති අගමැති ඉවත් විය යුතුයි

දැනට රටේ පවතින තත්වය සම්බන්ධයෙන් තමන් අතිශය සංවේදී වන බවත් ඒ සම්බන්ධයෙන් තමන් රටේ ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බවත් පසුගියදා ස්වාධීන වු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය කියයි.එමෙන්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධූරයන් වලින් ඉවත්ව නව ජනාධිපතිවරයෙක් සහ අමාත්‍යවරයෙක් පත් කර ගැනීමට පාර්ලිමේන්තුවට බලය පැවරිය යුතු බව ද වෛද්‍ය ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පෙන්වා දෙයි.වර්තමාන ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා යටතේ ආණ්ඩුවක් සෑදීමට පාර්ලිමේන්තුව නියෝජනය කරන අනිකුත් දේශපාලන පක්ෂ සූදානම් නොමැති බව ඉතා පැහැදිලිව පෙනෙන බව ද ඇය වැඩි දුරටත් කියා සිටියි.

කාලීන පුවත්