” මම ඇමෙරිකාවේ ප්‍රසංග ගණනාවක් පවත්වමින් ඒ රටේ සංචාරයක නිරත වුණා. මම ඒවායෙන් උපයා ගත් මුදල් වලින් අපේ රටේ දුප්පත් දරුවන් සදහා බෙදාදීමට ලැප්ටොප් පරිගණක තොගයක් මිලට ගත්තා .මීට අමතරව එරට කෝටිපතියන් පිරිසක් ද මට තවත් ලැප්ටොප් පරිගණක තොගයක් පරිත්‍යාග කිරීමට එකඟ වුණා. මීට අමතරව ඔවුන් මෙරට දුප්පත් දරුවන් සඳහා ඇදුම් විශාල තොගයක් ද මට පරිත්‍යාග කළා. ඒවා සියල්ල කන්ටේනර් කීපයක බහා මේ වනවිට ශ්‍රී ලංකාව බලා රැගෙන එමින් තිබෙනවා.මම දැන් බැඳීම් වලින් තොර නිදහස් මිනිසෙක්. මෙම පරිත්‍යාගයන් දුප්පත් දරුවන් අතර බෙදා දෙමින් ඉදිරියේදී සමාජ සේවා කටයුතු වල නිරත වීමට බලාපොරොත්තු වනවා” සිය ඇමෙරිකානු සංචාරය නිමා කර අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි ප්‍රවීන සිනමා නළු රන්ජන් රාමනායක මහතා කීය. ඇමෙරිකාවේ සිට ඕමානය වෙත පැමිණ තිබූ රන්ජන් රාමනායක අද දින අලුයම 04.50 ට ඕමානයේ මස්කට් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 206 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.මේ අතර ඔහුට සමීප ආරංචි මාර්ග වලින් අනාවරණය වන අන්දමට දැනට රටේ පවත්නා පක්ෂ දේශපාලනය පිළිබඳව දැඩි කළකිරීමකින් පසුවනරන්ජන් රාමනායක මහතා මතු නිදහස් දේශපාලනයකට මුල පුරනු ඇති බවයි