මම බෑ කිව්වෙ නෑ;අගමැති කම මට දෙන්න

“මම පැහැදිලිව කියනවා, මේ මොහොතෙත් අගමැතිකම භාරගෙන පිරිසිදු පාලනයක් ක්‍රියාත්මක කරන්න මම කැමතියි. පාවාදීම්වලට අපි නෑ.වගකීම් භාරගන්න බෑ කිව්වේ නෑ මම. අදත් සූදානම් මම අගමැතිවරයා ලෙස වගකීම භාරගන්න. අපේම පිරිසිදු කැබිනට් මණ්ඩලයක් පත් කරගන්න.හොඳට මතක තියාගන්න. මමත් දැන් පියා වගේම හොඳට තෙම්පරාදු වුණු පුද්ගලයෙක්. මමත් හම්බන්තොට අවුරුදු 20ක් කට්ට කාලා. මහ පොළොවේ පයගහලා අමාරු ගමනක් ආපු පුද්ගලයෙක්. හැරෙනකොට මම දන්නවා” විපක්ෂනායක සහ සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.ඒ ඊයේ(25) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.”තිත්ත ඇත්ත කතා කරමු. හොරාගේ අම්මගෙන් පේන අහන්න පුළුවන් ද?. මහ බැංකු හොරු ඉන්න ආණ්ඩුවකට පුළුවන් ද හොරු අල්ලන්න. මහ බැංකු හොරා පොලු තියලා තියෙනවා ලංකා බැංකුවට. අද තියෙන්නේ ආණ්ඩුවක් නෙමෙයි. අද තියෙන්නේ අච්චාරුවක්. අද තියෙන්නේ ගේම් එකක්. රටේ ජනතාවගේ ජීවිතත් එක්කයි මේ සෙල්ලම කරන්නේ”යනුවෙන් ද විපක්ෂ නායක වරයා කීය.

කාලීන පුවත්