මම හොඳ සනීපෙන්;ආයිත් දේශපාලනයට එනවා

මම හොඳ සනීපෙන්;ආයිත් දේශපාලනයට එනවා තමන් අසාධ්‍ය තත්වයෙන් රෝගාතුර වී සිටින කතා බොරු බවත් ඒවා නිවසේ සිට තමන් ද අසා දැන ගත් බවත් තමන් ඉතා යහපත් සෞඛ්‍ය තත්වයකින් සිටින නිසා යළිත් දේශපාලන කටයුතු අරඹන බවත් පසුගිය දා අගමැති පදවියෙන් ඉල්ලා අස්වූ මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත.ඒ මහතා එසේ පවසා ඇත්තේ ඊයේ(04) පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමට සහභාගී වූ අවස්ථාවේ සිය අනුගාමිකයන් අමතමිනි.නමුත් මහින්ද රාජපක්ෂ මහතා ගේ දෙටු සොයුරු චමල් රාජපක්ෂ මහතා පසුගිය දා කියා සිටියේ මහින්ද රාජපක්ෂ මහතා බල කාමය නිසා දිගටම නිල තල වල රැඳී සිටින්නට යාමෙන් තම කීර්තිය හා ගෞරවය කෙලෙසා ගත් බවකි.

කාලීන පුවත්