මෙරට කුමන හෝ අධිකරණයකින් ලබාදෙන මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සඳහා අත්සන් නොකිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇතැයි නීතිපති වරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ. මත්ද්‍රව්‍ය චෝදනා මත මරණීය දණ්ඩනය නියමවී සිටින විත්තිකරුවන් සිව්දෙනෙකුගේ දඩුවම ක්‍රියාත්මක කිරීම සදහා 2019 වසරේ දී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තීරණය කළ අතර එය අභියෝගයට ලක්කරමින් ගොනු කළ මුලික අයිතිවාසිකම් පෙත්සම අද(23) කැඳවු අවස්ථාවේ නිීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා එම දැනුම්දීම කරන ලදී