එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනය පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී සෙනසුරාදා (21) සවස 2ට පැවැත්වෙන බව පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසයි.එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ මෙවර සම්මේලනයේ දී පක්ෂ ව්‍යවස්ථාවට සුවිශේෂී සංශෝධන කිහිපයක් ඇතුලත් කරන බවකි.නව ලොවට මුහුණ දෙමින් අනාගත පරම්පරාවට පහසුවෙන් රට ගොඩ නැඟීමට හැකි දේශපාලන පක්ෂයක් ලෙස එක්සත් ජාතික පක්ෂය පරිවර්තතනය කිරීම සඳහා මෙම ව්‍යවස්ථා වෙනස කරන බව කී පක්ෂ සභාපතිවරයා මිත්‍ර දේශපාලන පක්ෂ සමඟ කටයුතු කිරීම සඳහා අවශ්‍ය සංශෝධන ද නව ව්‍යවස්ථාවේ සංශෝධන ඇතුළත්ව තිබෙන බව සඳහන් කළේය.එක්සත් ජාතික පක්ෂයේ මහා සම්මේලනයෙන් පසුව සියලු ජාතීන්,ආගම්, ජන කොටස් මෙන්ම තරුණ පරපුර ඉදිරියට ගැනීම සඳහා ලංකාව පුරා නව ගමන්මගක් ජනාධිපති,පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ විසින් ක්‍රියාත්මක කරන බව ද එජාප සභාපතිවරයා කීය. ශ්‍රී ලංකාවේ පැරණිතම දේශපාලන පක්ෂය ලෙස එක්සත් ජාතික පක්ෂයේ අතීත අභියෝග ජයගත්තා සේ අනාගත අභියෝග ජය ගැනීමට එක්සත් ජාතික පක්ෂයට හැකියාව තිබෙන බවද වජිර අබේවර්ධන කීය.
මේ අතර ලාංකිකයන් 1948 නිදහස ලබාගත්දා සිට අද වනතුරු අවුරුදු 75ක් පුරා වරද්දා ගත් ජාතියක් බවත් ඒ වැරැද්ද දැන් නිවැරදි කරගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ දිගින් දිගටම ප්‍රකාශ කරන බවක් ද වජිර අබෙිවර්ධන පසුගිය දා ගාල්ලේ දී මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් කියා සිටියේ ය. ඔහු එහිදී වැඩිදුරටත් පවසා සිටියේ ඡන්ද දායකයා ඡන්ද පොළට යැවිය යුත්තේ සිත තුළ වෛරය ඉවත් කිරීමෙන් පසුව බව ය. වෛරය ක්‍රෝධය ඊර්ෂ්‍යාව නැති ඡන්ද දායකයෙකු ඡන්දපොළට ගිය දිනක හොඳ රටක් නිර්මාණය කරන්නට හැකියාව ලැබෙනු ඇතැයිද ඔහු එහිදී කීය.එබැවින් රනිල්ට ඊර්ෂ්‍යා කිරීම නවතා ඔහුගේ දැනුමෙන් වැඩ ගන්නැයිද 1948 සිට වසර 75ක් පුරා වරද්දා ගැනීමේ උපරිමයට දැන් අප රට ළඟා වී ඇති බව තේරුම් ගන්නා ලෙස ද වජිර අබෙිවර්ධන වැඩිදුරටත් කීය. ජනපති රනිල් වික්‍රමසිංහට පැහැදිලි ආර්ථික ප්‍රතිපත්තියක් තිබේ. ඒ නව ලිබරල්වාදයයි. රටක ජාතික ආර්ථිකය යන සංකල්පය හා ගැටෙන කිසිදු උරුමයකට හිමිකමක් නැති නරුම ‘නව ලිබරල්වාදය’ යනු නව ගෝලීය ප්‍රවණතාවක් ද වෙයි.නමුත් නව ලිබරල්වාදීන් කිසිදුවිටෙක තමන් ඒ නමින් හඳුන්වා නොගතිති. නිදසුනක් ලෙස ඇමෙරිකානු රජය, ලෝක බැංකුව, පවා තමන් නව ලිබරල්වාදී සංකල්ප අනුව යන්නවුන් ලෙස හඳුන්වා නොගනුයේ එය මානව සංවර්ධනයේ ලා ධරණීය භාවිතයක් නොවන බැවිනි.
ඉහත කී ආර්ථික සංකල්ප දරන්නවුන් නවලිබරල්වාදීන් ලෙස හඳුන්වන්නේ එහි වාමාංශික, රැඩිකල් සහ ජාතිකවාදී විවේචකයන් විසින් පමණි.ඉන් බිහිවන නරුම සමාජ පැලැන්තිය “ලුම්පන්” යනුවෙන් ඔව්හු හඳුන්වති. ඔවුන්ගේ විශ්ලේෂණ වලට අනුව, හැත්තෑව දශකයේ ඇරඹි ලෝක මූල්‍ය අර්බුදයෙන් පසුව, ධනවාදය මුහුණ දුන් ලාභ ලැබීම සහ ප්‍රාග්ධන ව්යුහට යාවත් කාලීන කිරීම පිණිස ලෝක ධනවාදය තවදුරටත් ශීඝ්‍රයෙන් විස්තීරණය වීමට අවශ්‍ය විය.මෙම නව ප්‍රවණතාව ඔස්සේ ‘නව ලිබරල්වාදය’ ලෙස ධනවාදය ගෝලීය මට්ටමෙන් ව්‍යාප්ත වීමේ ආරම්භ වූයේ 1980 ගණන්වල මැදදීය. එයට නායකත්වය දෙන ලද්දේ මූල්‍ය ප්රාග්ධනය සහ ජාත්‍යන්තර මූල්‍ය සහ ගෝලීය වාණිජ කළමනාකරණ ආයතන විසිනි. මේ අනුව, නව-ලිබරල්වාදී යුගය යනු ලෝක ධනවාදී ක්‍රමය තුළට මූල්‍ය ප්රාග්ධනයේ ආධිපත්‍යයේ ද පිවිසීමේ යුගයයි. 2005 වසරේ පැවැති ශ්‍රී ලංකාවේ පස් වන ජනාධිපතිවරණයේ සමස්ත ඡන්ද ප්‍රතිශතයෙන් 50.29% ලබා ගත් මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය කළ අතර ඔහු ගේ ප්‍රතිවාදියා වූ රනිල් වික්‍රමසිංහ එම ඡන්ද ප්‍රතිශතයෙන්48.43% ලබා ගැනීමට සමත් විය.
නමුත් මෙහි දී රනිල් වික්‍රමසිංහ ගේ 2005 වසරේ ජනපතිවරණ ව්‍යාපාරය “යළි පුබුදමු ශ්‍රී ලංකා”යන තේමාව ඔස්සේ හා අප රටේ තරුණ ප්‍රජාව ඉලක්ක කොට මෙහෙයවන ලද අතර ඔහු “මල්ලිලාට බ්‍රේස්ලට් ඕනෙද?නංගිලාට චුවින්ගම් ඕනෙද?” ආදී වශයෙන් කරන ලදුව පසු කාලීනව ඇතැමුන් ගේ සිනාවට ලක් වූ ප්‍රකාශ රනිල් වික්‍රමසිංහ නව ලිබරල්වාදී සංකල්ප අප සමාජය තුළ පැතිරවීමේ මූල බීජ බව අදත් බොහෝ දෙනෙක් නොදනිති.එබැවින් සමහරකු රනිල් වික්‍රමසිංහ ගේ එම දේශපාලන ව්‍යායාමය”බෝන් අගේන්”නම් ආගමික නිකායක් හා පුරුද්දන්නට ද වෑයම් කළහ. නමුදු ශ්‍රී ලංකාවේ දේශපාලන අනාගතය තමන් අභිමානවත් පරපුරක් බව සාවද්‍ය ලෙස හුවා දක්වමින් යළි රට වැඩවසම්වාදී පාලනයක් කරා ගෙන යන නොදියුණු මානසිකත්වයන් ගෙන් යුතු ගෝත්රවාදී “සාටක පවුලක්” වෙත රටේ පාලනය පැවරීමට වඩා “මල්ලිලාට බ්‍රේස්ලට් නංගිලාට චුවින්ගම්’ යන ලුම්පන් සිහින ලුහුබැඳ යා හැකි නව ලිබරල්වාදය එරෙහි වුව තරුණ සිත් යොමු වීමේ යම් අවදානමක් තිබේ.
රේණුකා දමයන්ති