මල්වාන නඩුවෙන් බැසිල් නඩේසන් නිදොස් කොට නිදහස්

මල්වාන නඩුවෙන් බැසිල් නඩේසන් නිදොස් කොට නිදහස් මල්වාන, මාපිටිගම ප්‍රදේශයෙන් ඉඩමක් මිලට ගෙන එහි සුවිසල් නිවෙසක්, පිහිනුම් තටාකයක් ඉදිකර මහා පරිමාණ ගොවිපොළක් පවත්වාගෙන යමින් රුපියල් මිලියන 250ක රජයේ මුදලක් අවභාවිත කිරීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධි කිරීමේ පනත යටතේ ගම්පහ මහාධිකරණය හමුවේ ඇති නඩුවෙන් හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ තිරුකුමාරන් නඩේසන් යන් මහතුන් ගම්පහ මහාධිකරණ විසින් නිදොස් කොට නිදහස් කර තිබේ.මොවුන් දෙදෙනා එම නඩුවෙන් නිදහස් කර ඇත්තේ නඩුව ගොනු කිරීමේදී ඇතිව තිබෙන තාක්ෂණික දෝෂ පදනම් කරගෙන වීම විශේෂත්වයකි..

බැසිල් රාජපක්ෂ මහතා සහ ඔහුගේ ඥාති දියණියක වන නිරූපමා රාජපක්ෂ මහත්මියගේ සැමියා වන තිරුකුමාරන් නඩේසන් සහ ගෘහනිර්මාණ ශිල්පී මුදිත් ජයකොඩි නැමැත්තා මෙම නඩුවේ විත්ති කරුවන් ලෙස නම් කර තිබූ අතර පසුව ගෘහ නිර්මාණ ශිල්පී මුදිත් ජයකොඩි රජයේ සාක්ෂි කරුවෙකු ලෙස සාක්ෂි ලබා දෙන ලදී. රාජපක්ෂ පවුලේ ජ්‍යොතීර්වේදියා ලෙස කටයුතු කළ සුමනදාස නැමැත්තාද මෙහි සාක්ෂි කරුවෙකු ලෙස අධිකරණය හමුවේ සාක්ෂි ලබා දෙන ලදී. එම සාක්ෂි සම්බන්ධයෙන් පල වී තිබූ මාධ්‍ය වාර්තා අනුව, එම සාක්ෂි මගින් හිටපු ආර්ථික සංවර්ධන ඇමති, වත්මන් මුදල් ඇමති බැසිල් රාජපක්ෂට මෙම මල්වානේ ඉඩමට සහ නිවසට ඇති අයිතිය පිළිබඳව අනාවරණය වී තිබිණි.

Uncategorized