මල් තුහින වෙනුවට නුවරඑළියට අයිස් වැටෙයි

සෑම වසරකම දෙසැම්බර් හා ජනවාරි කාලය අතරතුර දේශගුණික වෙනස් වීමත් සමගින් නුවරඑළියට මල් තුහින පතිත වන නමුත් මෙවර වඩා ඝන ලෙස අයිස් පතිත වී ඇති බවක් දක්නට ලැබිණ.

නුවරඑළිය නගර සීමාවේ ඇතැම් ස්ථානවලට සහ කඳපොළ ප්‍රදේශයේ මෙම තත්ත්වය දකින්නට ලැබුණු අතර පෙර වසර පරිදි පතිත වන මල් තුහින අතින් ඇල්ලූ විට ජලය බවට පත්වේ. නමුත් මෙවර පතිත වී තිබෙන අයිස් එකතුකර අත මතද විනාඩි කිහිපයක් තබා ගැනීමට හැකි බව ජනතාව පවසයි.

මෙම තත්ත්වය මත නුවරඑළිය ප්‍රදේශයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 7-4 යන අගයක දක්නට ලැබිණ.

උදෑසන 8.30 පහුවෙන තෙක් අධික සීතලක් දක්නට ලැබුණු අතර දහවල් කාලය ඉතාමත් අධික රස්නයක්ද දක්නට ලැබීම විශේෂත්වයකි.

කාලීන පුවත්