මලාවි උප ජනාධිපති ඇතුළු නවයක් සහිත ගුවන් යානයක් අතුරුදන්

මලාවි රාජ්‍යයේ උප ජනාධිපති සව්ලෝස් චිලීමා සහ තවත් නව දෙනෙකු රැගත් ගුවන් යානයක් අතුරුදන් වී ඇති බව එරට ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.මලාවි ආරක්ෂක බලකායට අයත් ගුවන් යානය සඳුදා උදෑසන ලිලොන්ග්වේ අගනුවරෙන් පිටත් වූ පසු රේඩාර් පථයෙන් ඉවත්ව තිබේ.එය රටේ උතුරේ මුසුසු ජාත්‍යන්තර ගුවන්තොටුපළට ගොඩබෑමට නියමිතව තිබුණි.මලාවි රාජ්‍යයේ ජනාධිපති ලාසරස් චක්වේරා පැවසුවේ සෝදිසි කිරීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුමක් අඛණ්ඩව ක්‍රියාත්මක වන බවයි.”සෙබළුන් තවමත් භූමියේ සෝදිසි කිරීම් සිදු කරන අතර යානය සොයා ගන්නා තෙක් මෙහෙයුම දිගටම කරගෙන යා යුතු බවට දැඩි නියෝග ලබා දී තිබෙනවා එය හදවත කම්පා කරවන සිදුවීමක්” ඔහු පවසා තිබේ.

කාලීන පුවත්