විදුලි ගාස්තු සංශෝධනය සඳහා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ දත්තවල නොගැලපීම් පවතින බැවින් නව දත්ත යොමු කරන ලෙස උපයෝගිතා කොමිසම විදුලි බල මණ්ඩලයට ලිඛිතව දැනුම් දී තිබේ.
ලිපියක් යොමු කරමින් එම කොමිසමේ අධ්යක්ෂ ජනරාල්වරයා පවසා ඇත්තේ විදුලි ඉල්ලුම අඩුවීම, ගල් අඟුරු මිල පහළ යාම සහ ජලාශ රැසක ජල මට්ටම ඉහළ යාම යන සාධක සැලකිල්ලට ගනිමින් විදුලි පිරිවැය යළි ගණනය කරන ලෙසයි.
ගෙවුණු සැප්තැම්බර් මාසයේ දිනකට ගිගාවොට් පැය 44.7ක විදුලි ඉල්ලුමක් පවතිනු ඇතැයි තක්සේරු කළද සැබෑ ලෙසම ඉදිරිපත්වී ඇති ඉල්ලුම ගිගාවොට් පැය 41 ක් බවයි.
එමෙන්ම ගල් අඟුරු කිලෝග්රෑමයක මිල රුපියල් 68.60ක සිට රුපියල් 52.60ක් දක්වා අඩු වී ඇති බව ද කොමිසම පෙන්වා දෙයි.
එමෙන්ම ලංකා විදුලි බල මණ්ඩලයට අයත් කාසල්රී ,මාවුස්සාකැලේ ,සමනල වැව,කොත්මලේ යන විදුලි බලාගාර ආශ්රිත ජලාශවල ජල මට්ටම ද ඉහළ වර්ෂාධික කාලගුණය හේතුවෙන් ඉහළ ගොස් තිබේ.
එබැවින් මෙම සාධක සලකා පිරිවැය නැවත ගණනය කරන ලෙසත්, එම දත්ත ලබන 18 වනදාට පෙර කොමිසමට යොමු කරන ලෙසත් උපයෝගිතා කොමිසමේ අධ්යක්ෂ ජනරාල්වරයා යොමු කළ ලිපියේ සඳහන් වෙයි.