තායිලන්තය ශ්‍රී ලංකාවට පරිත්‍යාග කොට ඇති අනෙක් ඇතුන් දෙදෙනාගේ ද සෞඛ්‍ය තත්වය පිළිබඳව සොයා බැලීමට තායිලන්ත පරිසර අමාත්‍ය වරවුත් සිල්පා අර්ත් මහතාගේ වැඩිමහලු සහෝදරිය කාංචනා සිල්පා අච්චා මහත්මිය ප්රමුඛ නියෝජිත පිරිස කටයුතු කරන බව වාර්තා වෙයි. තායිලන්තය1979 වසරේ දී ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර සිද්ධස්ථානයක් භාරයේ සිටින ඇතාගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා වේලාවක් ලබාගෙන ඇති බව පී.බී.එස්. වර්ල්ඩ් වෙබ් අඩවිය වාර්තා කර ඇත. මින් පෙර කාංචනා සිල්පා අච්චා මහත්මිය ප්රමුඛ නියෝජිත පිරිස ඒ සඳහා සූදානම් වන විට ඇතා වෙනත් ස්ථානයකට රැගෙන ගොස් තිබුණේ සෞඛ්‍ය හේතුන් මත බව එම සිද්ධස්ථානය විසින් තායිලන්ත නියෝජිත පිරිස දැනුවත් කරනු ලැබ ඇති බව පී.බී.එස්. වර්ල්ඩ් වෙබ් අඩවිය සඳහන් කර ඇත. කෙසේ වෙතත් මෙම ඇතා ද නැවත තායිලන්තයට රැගෙන යෑමට කටයුතු කරා වී යැයි බියෙන් වෙනත් ස්ථානයකට රැගෙන යෑමට කටයුතු කර ඇති බව නිල නොලත් ආරංචි මාර්ග තායිලන්ත නියෝජිත පිරිසට දන්වා ඇතැයි පී.බී.එස්. වර්ල්ඩ් වෙබ් අඩවිය පෙන්වා දී ඇත.සාමාන්‍යයෙන් මෙබඳු සතකු ගේ ශරීරයේ ඇති විවිධ ළකුණු මඟින් ඔවුන් කවරාකාර භාවිතයන් සඳහා ගෙන තිබේද?යන්න නිවැරදිව වටහා ගන්නට විද්වතුනට පුළුවන. මේ අතර තායිලන්තය ශ්‍රී ලංකාවට පරිත්‍යාග කොට දැනට කතරගම සිද්ධස්ථානයක භාරයේ හිඳින ඇතාගේ තත්වය සතුටු දායක බව ද නිරීක්ෂණය වී තිබේ.