මහනුවර ඇසල පෙරහැර සමයේ යාචක සංගම් වල බලයත් හිස ඔසවාවිද?

මේ වන විට සමාජයේ විවිධ වෘත්තීන් වල යෙදෙන පිරිස් වෘත්තීය සමිති සංගම් ක්‍රියාකලාපයන් තුළින් තම වෘත්තීය අයිතිවාසිකම් ඉල්ලා හිඳින සේම බලධාරීන් හමුවේ සේම සාමාන්‍ය ජනතාව හමුවේ සිය බලය පෙන්වන අවස්ථා බොහොමයකි.එහෙත්, කිසිදු ගරුත්වයක්,සමාජමය පිළිගැනීමක් හෝ වෘත්තීය පදනමක් නොමැති ලොව අසරණම ජීවිකාව වන යාචක වෘත්තියේ යෙදෙන්නවූන් ද සිය බලය පෙන්වීමේ අවස්ථාවක් පිළිබඳව පසුගිය දා වාර්තා විය.ඒ මෙවර ඇසළ පෙරහර සමයේ මහනුවර නගරයේ රැඳී සිටීම සම්බන්ධයෙන් තම සංගමයේ විධායක සභාව ගන්නා තීරණය අනුව කටයුතු කරන බවත් පසුව එය දැනුම් දෙන බවත් “මහනුවර යාචකයන්ගේ සංගමය” තමන්ට පැවසු බව මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේසිංහ පැවසීමත් සමඟ ය.

ඇය එසේ පවසන ලද්දේ ඇසළ පෙරහර සංවිධාන කමිටු රැස්වීමේ දී ය.මහනුවර මහ නගර සභාව ඇසළ මහා පෙරහර සංවිධාන කටයුතු සඳහා සකසා ඇති වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අවස්ථාවේ දී නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේසිංහ මේ බව පැවසුවා ය,එහි දී ඇය කියා සිටියේ මෙවර ඇසළ පෙරහර සමයේ මහනුවර නගරයේ සිටින යාචකයන් මහජනතාවට බාධා නොවන අයුරින් කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් තමන් ඔවුන් දැනුවත් කළ අවස්ථාවේ සිය සංගමයේ රැස්වීමක් සහ විධායක සභාවක් මඟින් ඒ සම්බන්ධයෙන් ඉක්මනින් අද හෙටම එහිදී ගන්නා තීරණය අනුව කටයුතු කරන බව යාචකයන් තමනට දන්වා සිටි බවකි.මහනුවර දිසා ලේකම් වන්දන තෙන්නකෝන් ගේ සම්බන්ධීකරණයෙන් මල්වතු – අස්ගිරි අනුනාහිමිවරුන්ගේ මුලසුනින් ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල ගේ ප්‍රධානත්වයෙන් සිව් දේවාල වල බස්නායක නිලමේවරුන් සහ රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධානවල නිලධාරීන්ගේ සහායෙන් ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ දී මෙම සාකච්ඡාව පවත්වා තිබේ.ඒ අනුව මෙය මහනුවර යාචක ප්‍රජාව ද මහනුවර ඇසළ පෙරහර යාන්තණය හමුවේ සිය බලය පා තිබේ.

ගැට කැපීම, මං පැහැරීම, මෙන්ම සිඟා කෑම ද අපේ රටේ පවත්නා නීතියට අනුව අපරාධමය වරදකි.1841 අංක 4 දරන අයාල ආඥා පනත මඟින් ඒ සම්බන්ධ නීතිමය විධිවිධාන ඉදිරිපත් කොට තිබේ.එහි 3 (අ) වගන්තියට අනුව වැඩ කිරීමෙන් හෝ වෙනත් ක්‍රම මගින් තම නඩත්තුව සලසාගත හැකි එහෙත් සිය කැමැත්තෙන්ම එසේ කිරීම ප්‍රතික්ෂේප කරන හෝ එසේ කිරීම නොසලකා හරින්නා වූත් ප්‍රසිද්ධ ස්ථානයක වීදියක මහා මාර්ගයක අංගනයක හෝ පටු මඟක සිඟමන් ඉල්ලීම හෝ දන් පිණිස රැඳී සිටින්නා වූත් එසේ කිරීම පිණිස තම පවුලේ කෙනකු යොදවන්නා වූ මෙහෙය වන්නා වූ හෝ පොළඹවන්නා වූත් සෑම කෙනෙක්ම සහ එම ආඥා පනත අනුව වරද කරුවන් වනු ඇත.

තත්වය එය වුව ද ගැට කැපීම, මං පැහැරීම, මෙන්ම සිඟා කෑම ද අපේ රටේ පවත්නා නීතියට අනුව අපරාධමය වරදකි.1841 අංක 4 දරන අයාල ආඥා පනත මඟින් ඒ සම්බන්ධ නීතිමය විධිවිධාන ඉදිරිපත් කොට තිබේ.එහි 3 (අ) වගන්තියට අනුව වැඩ කිරීමෙන් හෝ වෙනත් ක්‍රම මගින් තම නඩත්තුව සලසාගත හැකි එහෙත් සිය කැමැත්තෙන්ම එසේ කිරීම ප්‍රතික්ෂේප කරන හෝ එසේ කිරීම නොසලකා හරින්නා වූත් ප්‍රසිද්ධ ස්ථානයක වීදියක මහා මාර්ගයක අංගනයක හෝ පටු මඟක සිඟමන් ඉල්ලීම හෝ දන් පිණිස රැඳී සිටින්නා වූත් එසේ කිරීම පිණිස තම පවුලේ කෙනකු යොදවන්නා වූ මෙහෙය වන්නා වූ හෝ පොළඹවන්නා වූත් සෑම කෙනෙක්ම සහ එම ආඥා පනත අනුව වරද කරුවන් වනු ඇත.එහි 4 (ඈ) වගන්තියට අනුව තැන තැන ඇවිදිමින් හෝ කිසියම් ප්‍රසිද්ධ ස්ථානයක වීදියක මහාමාර්ගයක අංගනයක හෝ ගමන් මගක රැඳී සිටිමින් තුවාල විකෘති භාවය ලාදුරු හෝ වෙනත් පිළිකුල් සහගත රෝග ප්‍රදර්ශනය කරමින් සිඟමන් ලබාගන්නා සෑම පුද්ගලයෙක්ම වරදක් කරන බව දක්වා ඇත.එසේම එම ආඥා පනතේ 4 (ඉ) වගන්තියේ දක්වා ඇත්තේ කවර හෝ ආකාරයක අසත්‍ය හෝ වංචාකාරී රැවටිලි මගින් තමා සඳහා හෝ අන්‍යයන් සඳහා පුණ්‍යාධාර ලබා ගැනීමට තැත් කරන්නා වූ හෝ දානමාන රැස්කරමින් යන්නා වූ සෑම පුද්ගලයෙක්ම අපරාධමය වරදක් කරන බවකි. ඒ අනුව පොලිස් නිලධාරීන්ට වරෙන්තුවක් නොමැතිව මොවුන් අත්අඩංගුවට ගත හැකි බවටත් දඬුවම් වශයෙන් බන්ධනාගාරගත කිරීම සහ දඩ මුදල් අයකර ගැනීම් සිදු කළ හැකි බවත් පනතේ දක්වා තිබේ.මේ අනුව අපට මඟතොට දී දක්නට ලැබෙන සියලු මාදිලියේ සිඟාකෑම් අපේ රටේ නීතියෙන් තහනම් කොට ඇති බව පැහැදිලි ය.

අප රටේ නාගරික අර්ධ නාගරික ආදී ජනාකීර්ණ ප්‍රදේශවල යාචකයා යනු ජීවිතයේ අන්ත අසරණ බවට පත් හුදකලා ගැහැණියක හෝ පිරිමියකුය යන බොළඳ තර්කයෙන් අප ඉවත් විය යුතු ය,මක් නිසා ද අද නගරයක දී අපට හමුවන සෑම යාචකයකුම ඒ ජාවාරම් ව්‍යුහයේ අතකොලුවක් බවට සනාථ වන කරුණු ඉදිරිපත් ව ඇති බැවිනි.ඒ අනුව මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේසිංහ අනාවරණය කොට හිඳින “මහනුවර යාචකයන්ගේ සංගමය” නම් සංවිධාන ව්‍යුහය පිළිබඳව වැඩිදුර කරුණු විමසා බලා එම නීති හා සමාජ විරෝධී ජාවාරම් යාන්ත්‍රණය පිටුදැකීමේ වගකීම ශ්‍රී ලංකා පොලීසිය වෙතට පැවරී තිබේ.

එමෙන්ම මේ වන විටත් සුලබව සිදු වන දරුවන් යොදාගෙන සිඟාකෑම පිළිබඳව අපේ රටේ ප්‍රධාන අපරාධ නීතිය වන දණ්ඩ නීති සංග්‍රහයේ විස්තර කොට තිබේ.එහි 288 (1) වගන්තියේ මෙසේ ප්‍රකාශ කර ඇත.“සිඟාකෑම හෝ දන් ලැබීමේ හෝ දන් දීමට පෙළඹවීමේ කාර්ය සඳහා (යම් සින්දු කීමේ, ක්‍රීඩා කිරීමේ, රංගනයේ යෙදීමේ, යම් දෙයක් විකිණීමට ඉදිරිපත් කිරීමේ හෝ වෙනත් ආකාරයක ව්‍යාපාරයක් ඇතත් නැතත්) යම් ස්ථානයක හෝ තැනක සිටීමට ළමයකුට සලස්වන හෝ කූට්ටනය කරන කවර හෝ තැනැත්තකු වරදක් කරනු ලැබූ විට අවුරුදු පහකට නොවැඩි කාලයකට දෙයාකාරයකින් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමකින් ද දඬුවම් කරනු ලැබිය යුතු අතර දඩයකට ද යටත් විය යුතුය.” එසේම අපරාධ නඩු විධාන සංග්‍රහයේ 287 වගන්තියෙන් දක්වා ඇත්තේ එවන් වරදක් කරන පුද්ගලයකු වරෙන්තුවක් නොමැතිව පොලිසියට අත්අඩංගුවට ගත හැකි අතර එම වරද ඇප ලබා දිය නොහැකි වරදක් ලෙස ද සමථයකට පත්කළ නොහැකි වරදක් ලෙස ද දක්වා ඇත.1998 අංක 50 දරන ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පනතේ 40 වගන්තියේ දක්වා ඇත්තේ ළමා අපචාර යන්නට දණ්ඩ නීති සංග්‍රහයේ 288 වගන්තියේ දක්වා ඇති ළමයින් සිඟමනේ යෙදවීම ද අයත් වන බවයි. එසේම 1998 අංක 28 දරන අපරාධ නඩු විධිවිධාන (සංශෝධන) පනතේ 2 (1) හි ළමා අපචාර යන්න ද ඒ අයුරින්ම අර්ථ දක්වා තිබේ.මීට අමතරව 1939 අංක 48 දරන ළමා හා යෞවන ආඥා පනතේ 74 වගන්තියට අනුව දෙමාපියන් නොවන පුද්ගලයන් විසින් දරුවන් සිඟමනේ යෙදවීම තහනම් කොට ඇත. ඒ සඳහා වසරක කාලයක් දක්වා දෙයාකාරයකින් එක් ආකාරයක සිර දඬුවම් සහ දඩ නියම කොට ඇත.තවද දරුවාගේ භාරකාරත්වය දරා සිටිමින් දරුවාගේ සෞඛ්‍යයට හානිකර වන ලෙස යම් රසායන ද්‍රව්‍යයක් දරුවාට ශරීරගත කොට තිබේ නම් දණ්ඩ නීති සංග්‍රහයේ 308 (අ) වගන්තිය අනුව දරුවා කෲරත්වයට පත්කිරීම සම්බන්ධව වසර 2 සිට 10 දක්වා කාලයක් බරපතළ වැඩ සහිතව හෝ රහිතව සිරදඬුවම් සහ දඩයක් නියම කළ හැක. මෙවන් පසුබිමක් යටතේ අප රටේ යාචක බලය මෙලෙස මහ නගර සභාවක පළාත් පාලන බලය පවා ඉක්මවා මතු වීම අප කාගේත් විශේෂ අවධානයට ලක් විය යුතු ය.කිසියම් රටක සමාජයක පුරවැසියන් යාචක වෘත්තියට පිවිසීම එහි පවත්නා සමාජ ආර්ථික අස්ථායී බව මනාව කියා පාන්නකි.සාමාන්‍ය පිළිගැනීමට අනුව යාචක වෘත්තිය සහ ගණිකා වෘත්තිය නොමැති රටක් ලොව නොමැති බවක් කියනු ලැබේ.එහෙත් එම වෘත්තීන් හි ව්‍යාප්තිය හා ප්‍රවර්ධනය රටින් රටට සමාජයෙන් සමාජයට වෙනස් වේ.එහි දී එම ව්‍යාප්තිය අනුව ඒවා සම්බන්ධ සංවිධානාත්මක ජාවාරම් ව්‍යුහයක් ඇති වීම වැලකිය නොහැක.අප දන්නා අන්දමට මේ වන විට අප රටේ ද යාචක වෘත්තිය මංපැහැරීම සහ ගණිකා වෘත්තිය හා සම්බන්ධ ප්‍රබල ජාවරම් ව්‍යුහයන් සැකසී තිබේ.එමෙන්ම ඒවායින් කෝටි පතියන් ප්‍රකෝටිපතියන් බිහි වන තත්වයන් ද පෙන්නුම් කෙරේ.

ඒ අනුව අප රටේ නාගරික අර්ධ නාගරික ආදී ජනාකීර්ණ ප්‍රදේශවල යාචකයා යනු ජීවිතයේ අන්ත අසරණ බවට පත් හුදකලා ගැහැණියක හෝ පිරිමියකුය යන බොළඳ තර්කයෙන් අප ඉවත් විය යුතු ය,මක් නිසා ද අද නගරයක දී අපට හමුවන සෑම යාචකයකුම ඒ ජාවාරම් ව්‍යුහයේ අතකොලුවක් බවට සනාථ වන කරුණු ඉදිරිපත් ව ඇති බැවිනි.ඒ අනුව මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේසිංහ අනාවරණය කොට හිඳින “මහනුවර යාචකයන්ගේ සංගමය” නම් සංවිධාන ව්‍යුහය පිළිබඳව වැඩිදුර කරුණු විමසා බලා එම නීති හා සමාජ විරෝධී ජාවාරම් යාන්ත්‍රණය පිටුදැකීමේ වගකීම ශ්‍රී ලංකා පොලීසිය වෙතට පැවරී තිබේ.එමෙන්ම එම ජාවරම් ව්‍යුහයේ අතකොලු බවට පත්ව යාචක වෘත්තියේ යෙදෙන්නවුන් පිළිබඳව විධිමත් පදනමක් යටතේ විශ්ලේෂනය කොට ඔවුන් හට යළි සංවිධිතසමාජභාවයක් ලබා දීමෙස් වගකීම ද රජය භාරගත යුතු ය.ඒ හැරුණු කොට විවිධ හේතූන් සහ අරමුණු තකා යාචකයන් නගර වලින් “අතු ගා දැමීම” තව බරපතල සමාජ අර්බුද රැසකට මුල් වන බව ලොව බොහෝ සමාජයන් ගෙන් තහවුරු වී ඇති ඛේදනීය යථාර්ථයකි.

රේණුකා දමයන්ති

එතෙර - මෙතෙර