මහ­නු­වර ඇසළ පෙර­හරේ ප්‍රථම කුඹල් පෙර­හර අද

මහ­නු­වර ඓතිහාසික ඇසළ පෙර­හරේ ප්‍රථම කුඹල් පෙර­හර අද (10) වීදි සංචා­රය කිරී­මට නිය­මි­තය.ශ්‍රී දළදා මාලි­ගාව අබි­ය­සින් දකුණු දිශා­භි­මු­ඛව පස්වරු 6.06ට පිට­ත් වන පෙර­හර ශ්‍රී දළදා වීදීය, ඩී.එස්. සේනා­නා­යක වීදිය, පන්සල පාර, දේව වීදිය, ශ්‍රීමත් බෙනට් සොයිසා වීදිය, යටි­නු­වර වීදිය ඔස්සේ ගමන් කර රජ වීදි­යෙන් ඉහ­ළ­ට ­විත් ගෙව­දී­මට නිය­මි­ත ව තිබේ.මෙවර මහ­නු­වර ඇසළ පෙර­හරේ ආර­ක්ෂාව වෙනු­වෙන් පොලිස් නිල­ධා­රීන් 5500ක පමණ පිරි­සක් යොදවා ඇත.ඒ අතර ඇසළ පෙරහැර මංගල්‍යය වෙනුවෙන්, ලබන 14 වැනිදා සිට 19 වැනිදා දක්වා දිවා රාත්‍රී සේවා ලෙස විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය කටයුතු කර තිබේ.ඒ අනුව, මහනුවර දිස්ත්‍රික්කය ආවරණය වන පරිදි බස් රථ 438 ක් යෙදවීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සැලසුම් කර තිබේ.මීට අමතරව අනුරාධපුරය, පොළොන්නරුව, කුරුණෑගල, කෑගල්ල, කොළඹ, ගම්පහ, නාවලපිටිය, ගම්පොල වැනි ප්‍රදේශවල සිට තවත් අතිරේක බස් රථ 100ක් යෙදවීමට ද සැලසුම් කර තිබෙන බව වාර්තා වේ.

කාලීන පුවත්