මහනුවර දී වෙළඳාම් කළ චීන කතුන් දෙදෙනෙක් අත් අඩංගුවේ

සංචාරක වීසා මත මෙරටට පැමිණ වෙළෙඳාම් කරමින් සිටි විදේශීය කාන්තාවන් දෙදෙනෙකු මහනුවර ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.මහනුවර සංචාරක පොලිස් ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මහනුවර මධ්‍යම වෙළෙඳපොළ පරිශ්‍රයේදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 47 හැවිරිදි සහ 48 හැවිරිදි චීන ජාතික කාන්තාවන් දෙදෙනෙකි.මේ අතර සංචාරක වීසා මත සහ වීසා නොමැතිව මෙරට රැඳී සිටින ඉන්දියානු ජාතිකයන් නොයෙකුත් ආකාර වලින් මෙරට දී මුදල් උපයන අතර හඳුනා ගැනීමේ අපහසුව මත ඔවුන් අත් අඩංගුවට ගැනීමට නොහැකි බවට ද තොරතුරු ලැබී තිබේ.

කාලීන පුවත්