මහනුවර, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්රික්කවල ප්රදේශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇත.මහනුවර දිස්ත්රික්කයේ පස්බාගේ කෝරලේ ප්රදේශයටත්, නුවරඑළිය දිස්ත්රික්කයේ අඹගමුව ප්රදේශයටත්, රත්නපුර දිස්ත්රික්කයේ නිවිතිගල ප්රදේශයටත් මෙලෙස නායයෑම් හා පස් කඳු කඩාවැටීම් අවදානමක් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි.මේ දිනවල නිරිත දිග මෝසම සක්රිය ව පැවතීම මත ගං වතුර,තද සුළං සහ නාය යාම් බහුල වීමේ හැකියාවක් පවතී.